Skip to main content

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!
නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි සිසුන්ගේම දිවි අවසන් කිරීම තෙක් එය ව්‍යාප්ත වීම අන්තනෝමතික, කෲර, අන්තවාදී ක්‍රියාකාරකමකි. කණ්ඩායම් ගැසුන කිහිප දෙනෙකු මාර්ගයෙන් දක්ෂ සිසුන් අනුකාරකයන් කරවන නවක වදය රට දුර්වල කරවීමේ ප්‍රධාන මාර්ගයක් ලෙසද, දක්ෂ සිසුන්ගෙන් රටට සේවයක් නොවන තැනට පත් කිරීමද එම ක්‍රියාවලියේ අතරමැදි අවස්ථාව වන අතර විදෙස් රටවලට සේවය කරවීමට සමත්, මව්බිමට ආදරය නොකරන උපාධිධාරින් බිහිකර ගැනීම එහි අවසන් අවස්ථාවක් බවටද කතිකාවක් ඇත. විශ්ව විද්‍යාල මහාචාර්ය, ආචාර්යවරු, අධ්‍යාපන ඇමති, විනය බලධාරීන් නවක වදය නතර නොකරවන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු නොසොයා රටේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමටත් නොහැකිය. නවක වදය නතර කිරීම නීති පැනවීමෙන් පමණක් කළ නොහැකිය. ඒ නීති ගැන සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් දැන සිටිය යුතුය. නීතිය පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා දීමට මෙරට පාසල් අධ්‍යාපනයේ ඇත්තේ අවම අවස්ථාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නීතිය, සිවිල් නීතිය, සාක්ෂි නීතිය, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ඉගෙනීමට නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඇත්තේ අවම අවස්‍ථාවකි. සරසවි ඇතුලු අධ්‍යාපන ආයතන තුළ සිදුකරන නවක වදය අවසන් කිරීමට පාර්ලිමේන්තුව 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය පනත, 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙතත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත වැනි නීති පනවනු ලැබීය. ඒ අතර තවත් නීති පැනවී ඇත. එම නීති පිළිබඳව ජනතාව අවබෝධයෙන් දුරස්ථය. 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය පනත,1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙතත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත. සහ මූලික නීතිය පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට 40% කට වඩා ලකුණු ගැනීම උසස් පෙළට අනිවාර්ය කිරීමෙන් නෛතික බලවන්ත සරසවි සිසු සිසුවියන් පමණක් නොව අනාගත පරම්පරාවක්ම බිහිකර ගත හැකිය. නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ. (Ignorantia juris non excusat) එසේ වුවත් නීතිය දැන ගැනීමට පාසල් අධ්‍යාපනයේදී ඇති අවස්ථාව ඉතා අඩුය. ඒ අඩුව පිරවීම රටේ සිදුවන අපරාධ අඩු කිරීමටද හේතු වෙයි.රටේ සංවර්ධනයටද දූෂණය, නාස්තිය සහ අක්‍රමිකතා අවම කිරීමටද හේතු වෙයි. නවක වදය සම්බන්ධයෙන් සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.04.30)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...