හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි?
හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පූර්ණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තු ක්‍රියා කිරීම ජනතා පරමාධිපත්‍යයට පටහැනිය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද 2023.09.05 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට කථානායකට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ 1961/31 දරන ආයුර්වේද පනත සිංහල දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු නියමය ඉටු කර තිබේද නැද්ද යන්න අදාලව එකී දින සහ ගැසට් අංක පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී දැනුම් දී නොතිබියදීත්, වැදගත් නීති ප්‍රශ්න විසඳී නොතිබියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියාමාර්ග ගතහොත් පාර්ලිමේන්තුව වාරාවාසාන කරන ලෙස පාරම්පරික වෛද්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබියදීත් මෙම ආයුර්වේද සංශෝධන පනත් ...