ආයුර්වේද සංශෝධනය වැරදි ලෙස සම්මත කරන්න එපා. මහජන අත්සන් ලක්ෂයක පෙත්සමක් රජයට.....
රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස සම්මත කිරීමට යාමට එරෙහිව මහජන අත්සන් ...................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුලු අයට බාර දීම....
1. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සළකා බැලීමට පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කථානායකට පෙත්සම්
ඉදිරිපත් වී තිබියදී ,(2023.08.22 දිවයින 08 පිටුව)
2. වැරදි ලෙස ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියදී
3. 1961 අංක 31 දරන ආයුර්වේද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාල ගැසට් පත්‍ර අංක සහ දින පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී මේ වනතෙක් ලබා දී නොතිබියදී
රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට යාම නීතියේ පාලනයට, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එයට එරෙහිව මහජන අත්සන්.................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට, ආයුර්වේද කොමසාරිස්ට, පාර්ලිමේන්තු මහලේකම්ට, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට බාර දීම....
(මෙය සංවිධානය කරන අය කැමති නමක් ලියා ගන්න. නීතියේ පාලනය තහවුරු වෙන්නයි ඕනෑ...)
ෆීනික්ස් නීති සාර සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුර 0342256066./ 0712063394
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment