Skip to main content

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.
නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය අභිබවා ක්‍රියාත්මක වන්නේය." ලෙස දක්වා ඇත. එසේම එකී යෝජිත පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ව ඒ මත අත්අඩංගුවේ රඳවා ගැනීමට හෝ රීතියක් නිකුත් කිරීමට නොහැක්කේය." ලෙස දක්වා ඇත. මේ පිලිබද වැඩි දුර අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර වෙනත් සියලු නීතිවල ක්‍රියාකාරීත්වය නවතා ඇති බවයි. 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය මෙසේය. "වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුත්තේය." (The provisions of this Act shall have effect notwithstanding anything to the contrary contained in any other written law, and accordingly, in the event of any inconsistency between the provisions of this Act and such other law, the provisions of this Act shall prevail.) ඉහත දක්වා ඇති 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තියේ ක්‍රියාකාරීත්වය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් සියලු නීති 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය මගින් යටපත් කර ඇත. සාධාරණ නඩු විභාගයක් ලබා දීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් ලිඛිත නීති ගණනාවක් මේ වනවිට පනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇති ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ඇත. එසේ වුවත් ඉහත 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තියේ ක්‍රියාකාරීත්වය අනුව එකී සියලු ලිඛිත නීතිවල බලපෑම නිශ්ක්‍රීය වී ඇත./ යටපත් වී ඇත. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය, සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, 1969 අංක 22 දරන රජයේ සිවිල් වැරදි පිළිබද පනත, සාක්ෂි ආඥා පනත වැනි ලිඛිත නීති මගින් සාධාරණ නඩු විභාගයක් පුරවැසියන්ට ලබා දීම ආරක්ෂා කර ඇත. උදා.උදා. යම් තැනැත්තෙකු යම් විනිසුරුවරයෙකුට එරෙහිව නඩු පවරා ඇති අවස්ථාවක නඩුවක පාර්ශවයක් වන විට හෝ විනිසුරුවරයා නඩුවට පෞද්ගලික සම්බන්ධතාවයක් ඇති විට හෝ විනිසුරුවරයා පෙර අවස්ථාවකදී නඩුවේ තීන්දුවක් ලබා දී ඇති විට 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය අනුව ඒ නඩුවේ කටයුතු වලින් විනිසුරුවරයා ඉවත් වීම කළ යුතු වෙයි. එසේ වුවත් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තියේ ක්‍රියාකාරීත්වය අනුව එකී සියලු ලිඛිත නීතිවල බලපෑම නිශ්ක්‍රීය කර / යටපත් කර ඇති හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය නොසළකමින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබාගෙන ඇත. එවැනි තත්ත්ව සාධාරණ නඩු විභාගයකට බාධාවක් වන අතර නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අධිකරණ ඇමතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට පුරවැසියන්ට හිමි අයිතිය ආරක්ෂා කර ඇත. එසේම එකී යෝජිත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ව ඒ මත අත්අඩංගුවේ රඳවා ගැනීමට හෝ රීතියක් නිකුත් කිරීමට නොහැක්කේය." ලෙස දක්වා තිබීම මගින් අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ගේ ගරුත්වය, ආරක්ෂාව, රැකවරණය සහ අභිමානය ආරක්ෂා කර ඇත. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට ජනමතවිචාරණයකට යොමු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ඇති එකී යෝජිත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය සහිතව පහත දැක්වෙයි. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන වල රැකවරණය හිමිවන බව සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුශංගික කාරණා සම්බන්ධ විධිවිධාන සැළැස්වීම පිළිබඳ පනතකි. 1.මෙම පනත 2024 අංක .... දරන අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් හදුන්වනු ලැබේ. 2.අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට මෙම පනතේ විධිවිධාන අදාල වේ. 3. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය අභිබවා ක්‍රියාත්මක වන්නේය. 4. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ව ඒ මත අත්අඩංගුවේ රඳවා ගැනීමට හෝ රීතියක් නිකුත් කිරීමට නොහැක්කේය. 5. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර අනනුකූලතාවයක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුත්තේය. A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions. AN ACT TO PROVIDE FOR THE PROTECTION OF PERSONS PRESENTING SUBMISSIONS BEFORE COURTS, TRIBUNALS AND INSTITUTIONS ACCORDINGLY TO THE LEGAL PROVISIONS RELATING TO A FAIR TRIAL, WHICH ARE PROTECTED BY OTHER WRITTEN LAWS, AND TO PROVIDE FOR MATTERS CONNECTED THEREWITH OR INCIDENTAL THERETO. 1. This Act may be cited as Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions Act No 21 of 2024. 2. The provisions of this Act are applicable to those presenting submissions before courts, tribunals and institutions. 3. The legal provisions relating to a fair trial, which are protected by other written laws for those presenting submissions before the courts, tribunals and institutions supersedes section 15 of the contempt of court, tribunal or institution Act, No. 8 of 2024. 4. No rule can be issued against a person nor can a person be detained in custody on the basis of the submissions under provisions of any written law before courts, tribunals and institutions. 5. In the event of any inconsistency between the Sinhala and Tamil texts of this Act, the Sinhala text shall prevail. ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com දුරකථන 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය