Skip to main content

ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නෑ. චමල් රාජපක්ෂ කතානායකවරයා 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහේ.....

ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නෑ. චමල් රාජපක්ෂ කතානායකවරයා 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහේ.....
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති ක්ෂේත්‍රයේ අය දන්නා කාරණයකි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර තිබුණි. එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී. එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වන විධිවිධානය නීතියක් වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීමෙන් පසුව බව දක්වා ඇත. ඒ හේතුවෙන් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පනත් කෙටුම්පත් අදියරේම අවසන් විය. වර්ෂ 2015 දී දෙවන වරටත් නැවත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන 16ක් පමණ සංශෝධනය කිරීමට ගෙනවිත් තිබුණි. වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තිබූ හෙයින්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීම අවශ්‍යම විය. වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ඩෙප් සහ චන්ද්‍රා ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණ පාර්ලිමේන්තුවට යොමු කළ අතර එම විනිසුරුවරුන් 3නා මීට පෙර 2002 දී විනිසුරුවරුන් 7දෙනකු ලබා දී තිබූ තීරණය වෙනස් කර තිබුණේ නැත. ඒ අනුව වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් ජනමතවිචාරණයකට යාම අවශ්‍ය විය. නමුත් මේ දක්වා එය සිදු වී නැත. පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා යොමු කළ යුතු විය. නමුත් එවකට කතානායකව සිටි චමල් රාජපක්ෂ කතානායකවරයා නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු පමණක් නීතියක් බවට සටහන් කර ඇත. එය වැරදි සටහනකි. (Per incuriam) මේ දක්වා 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එය සිදු වී නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව නීතියක් වී නැති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් නීතියක ආරෝපණය ලබා දී ක්‍රියාත්මක කරගෙන යාමට පාර්ලිමේන්තුව සහ වර්තමාන ජනාධිපතිවරයාද කටයුතු කරන බව පෙනී යන අතර එය නිවැරදි නැත. වර්තමාන කතානායකවරයාට පෙර කතානායකවරයා කළ ඒ වැරැද්ද නිවැරදි කළ හැකිය. 2015 දී ගෙනා 19 ට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කර ඇති හෙයින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා එය ජනාධිපතිවරයාට යොමු කළ යුතුය. එවිට ජනාධිපතිවරයා එකී 19ට පැවැත්විය යුතු ජනාධිපතිවරණ පැවැත්විය යුතු අතර, ජනතාව අනුමත කළහොත් එය නීතියක් බවට පත්වන අතර ජනතාව අනුමත නොකළහොත් එය එතනින් අවසන් වේ. ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන අතර, චමල් රාජපක්ෂ කතානායක 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහෙන බව ඒ අනුව පැහැදිලි වේ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.19)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394