නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?
ජපානයේ "ජයිකා" ආයතනය දූෂණ විරෝධය සඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් 5කගෙන් යුත් කමිටුවක්ද මේ වනවිට පත් කෙරී ඇත. එකී කමිටුව මෙම විමර්ශනය සඳහා යෝග්‍ය නොවන බවටද අදහසක් ඇත.
මෙම මූල්‍ය ගනුදෙනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, වංචාවට, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමට අදාල නීතියට අදාල බවටද සාකච්ඡා වෙයි.
ඒ සමගම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමේ සූදානමක්ද ඇත.
මේ ප්රශ්නය අදාලව නීතිය ක්‍රියාත්මක නොවී පාරේ විරෝධතා පැවැත්වීම සුදුසුද යන්න 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති ඇසුරෙන් විමසා බැලිය යුතුය.
නීතීඥවරයන්ට අදාල වෘත්තීය ආචාර ධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව ඇසුරෙන් අගවිනිසුරුතුමා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පනවා ඇත. එහි රීති 62ක් ඇත. නීතීඥවරයන්ගේ විනය පාලනය කිරීමේ පටිපාටිය 1979 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42, 43, 44 වගන්තිවලද දැක්වේ.
1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති 60, 61 රීති අනුව නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් විසින් පාරේ විරෝධතා පැවැත්වීම සුදුසු නැත.
නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉවත් කිරීමට හෝ ඔහු නීතීඥ වෘත්තීයට නුසුදුසු ආකාරයට ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතියෙන් පිළිගත් ක්‍රමවේද ඇත.
නීතීඥ සංගමයේ ක්‍රියාවකට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමට යාම නීතියේ පාලනයටද අහිතකර වන අතර, නීතීඥ වෘත්තීය අභිමානයද අහිමිවන තැනට පත් වෙයි.
ඒ අනුව සැළකීමේදී නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟ නැත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.08)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු
Comments
Post a Comment