Skip to main content

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකි වන ලෙස 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වගන්තිය දැක්වේ. 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබ‍ඳ පනතේ 15 වන වගන්තිය මෙසේය. 15. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතුය. 15. The provisions of this Act shall have effect notwithstanding anything to the contrary contained in any other written law, and accordingly, in the event of any inconsistency between the provisions of this Act and such other law, the provisions of this Act shall prevail. වෙනත් ලිඛිත නීතියක් යන්නට, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, සාක්ෂි ආඥා පනත, 1978 අංක 2අධිකරණ සංවිධාන පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් සියලු නීති අදහස් කරයි. ඒ අනුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් යටපත් කර ඇත. ඉහත කාරණා අනුව අදාලව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන අභිබවා යන ලෙස පාර්ලිමේන්තුව විසින් මේ වනවිට නීති පනවාගෙන ඇති හෙයින්, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තියෙන් යටපත් කර ඇති අතර, පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට අධිකරණවල නඩු පවරා අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දඬුවම් කළ හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයා මේ වන විට තමන්ද පාර්ලිමේන්තුව තුළ භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේදී, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීමට යටත් තැනැත්තන් බවට පත්කරනු ලැබගෙන ඇත. පාර්ලිමේන්තුව නැවත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය බලාත්මක කර ගන්නේ කෙසේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයාට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත ක්‍රියාත්මක වීම වැළැක්වීමට නීතියට අනුව කළ හැක්කේ එම පනතේ 15 වන වගන්තිය ඉවත් කිරීම හෝ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත බලනොපාන බවට නීති සංශෝධනයක් ගෙන ඒමය. එය 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට හෝ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත සංශෝධනය කිරීමෙන් කළ හැකිය. එතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයාට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය. කියවන්න... 2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි...! http://neethiyalk.blogspot.com/2024/06/2024-8-15.html?m=1 අධිකරණයකට අපහාස පනතේ 15 වන වගන්තියෙන් පාර්ලිමේන්තු බලතල පනත යටපත් වන හෙයින් පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකිය...! http://neethiyalk.blogspot.com/2024/06/15.html?m=1 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.23)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394