Skip to main content

"ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* " ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?

"ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* " ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?
රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ඩී.බී. විජේතුංග මහතාය. ලක්ෂ 69ක අපේක්ෂාවන් බොඳ කිරීමේ විපාකය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිධූරය අත් හැරීමට සි‍ඳුවීමය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පනත් කෙටුම්පත් රාශියක් ගෙන එමින් ක්‍රියා කිරීම පසුගිය සමයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. යම් පනත් කෙටුම්පතක නම දෙස බැලීමේදී එම නම අහිංසක, සාධාරණ විය හැකි වුවත් එහි අන්තර්ගතයේ බිහිසුණු, බියජනක කාරණා අන්තර්ගතව තිබිය හැකිය. මෙම ලේඛකයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී තනිව අභියෝග කර (SC/SD/24/2021) ජනමතවිචාරණයක් ලබා ගත් අලි සබ්‍රි පෙර අධිකරණ ඇමතිවරයා ගෙනා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතද එවැනි අහිංසක නමක් තිබූ එක් පනත් කෙටුම්පතකි. එකී පනත් කෙටුම්පතේ නාමය අහිංසක, සාධාරණ ලෙස පෙනුනත් අන්තර්ගතයේ ජාත්‍යන්තර වාණිජ ගිවිසුම්, විදේශීය නීති රටට ගෙන ඒමට විධිවිධාන සළසාගෙන තිබුණි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවා එම පනත් කෙටුම්පතේ විධිවිධාන අනුමත කර තිබූ බව අලි සබ්‍රි හිටපු අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණි. මෙම ලේඛකයා විසින් 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග නොකරන්නට ජනමතවිචාරණයකට යා යුතු විධිවිධාන ඇතුළත් එකී පනත් කෙටුම්පත නීතියක් වීමට ඉඩ තිබුණි. SC/SD/24/2021 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනාධිපතිවරණයට යායුතු වන විධිවිධාන ඉවත් කිරීමෙන් පසු පසුගිය 2021 අගෝස්තු මස 17 වැනිදා එම පනත් කෙටුම්පත (2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත), ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව පැහැදිලි වන්නේ පනත් කෙටුම්පතේ නම දෙස බලා එහි අන්තර්ගතය තීරණය කිරීම සුදුසු නොවන බවය. වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේද නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ වුවත් එහි අන්තර්ගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ බාර කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. එසේ තිබියදී 2024.06.18 දින රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සහ ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ආදී වශයෙන් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී එකී තීරණය විවේචනය කළේය. අනුප්‍රාප්ති ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී, නීතියේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අයුතු මැදිහත්වීමක්, අගෞරවයක්, අපහාසයක්, අධිකරණ සවාධීනත්වය අහිමිකිරීමක් නොවන්නේද යන ප්‍රශ්නය මේ වන විට සමාජයේ විවිධ කොටස් අතර පැන නගී. * Cannibalism යනු මිනීමස් කෑම, මිනිසුන් විසින් මිනිස් මස් අනුභව කිරීම * Cannibalism, eating of human flesh by humans (https://www.britannica.com) නීතියේ පාලනය වෙනුවෙන් වන කිසිවෙකුට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ එකී කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සතු දීර්ඝකාලීන අත්දැකිම් සහ පරිචය අහිමි කර ගත්තේ අධිකරණය අදාලව ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism * ලෙස ප්‍රකාශ කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් බව කිව හැකිය. අධිකරණයේ, නීතියේ ආධිපත්‍යයේ බරපතල ගැටලු ඇතිබව සැඟවිය නොහැකිය. මහජනතාව ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත.එසේ වුවත් ජනතාවගේ හෘදය සාක්ෂිය, නීතියේ ආධිපත්‍යය ගැන සිදුවන, ක්‍රියාත්මක කරන, විසදන ආකාරය ගැන ගැන ඇත්තේ ලස්සන චිත්‍රයක් නොවේ. එය නිවැරදි කිරීමට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැඩි අවශ්‍යතාවයක් තිබිය හැකිය. එසේ වුවත් ජනාධිපතිවරයා කිරි කළයට ගොම හළාගත්තේය. ජනාධිපතිවරයා විසින්ම කරගත් ඒ දෝෂය නිවැරදි කිරීම කළ හැක්කේද යන්න ප්‍රශ්නයකි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගැඹුරෙන් කල්පනා කළ යුතු බව මෙම ලේඛකයාගේ අදහසයි. නොඑසේනම් "ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* " ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කිරීම වැළැක්විය නොහැකිය. http://neethiyalk.blogspot.com/2024/06/judicial-cannibalism.html?m=1 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.20)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න