Skip to main content

අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?

අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?
වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ වුවත් එහි අන්තර්ගතයේ ඇති කාරණා වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ බාර කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 (සිකුරාදා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. එසේ තිබියදී 2024.06.18 (අඟහරුවාදා) දින රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සහ (අධිකරණය කැනබිල්ලෝකරණය) / ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ආදී වශයෙන් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී එකී තීරණය විවේචනය කළේය. අනුප්‍රාප්ති ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට, ජනාධිපති බලතල වලට මුවා වී, නීතියේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අයුතු මැදිහත්වීමක් නොවන්නේද යන ප්‍රශ්නය මේ වන විට සමාජයේ විවිධ කොටස් අතර පැන නගී. * Cannibalism යනු මිනීමස් කෑම, මිනිසුන් විසින් මිනිස් මස් අනුභව කිරීම * Cannibalism, eating of human flesh by humans (https://www.britannica.com) නීතියේ පාලනය වෙනුවෙන් අදහසක් ඇති කිසිවෙකුට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ එකී අධිකරණය කැනබිල්ලෝකරණය / ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය. රනිල් වික්‍රමසුංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙතෙක් අත්කරගෙන තිබූ දීර්ඝකාලීන අත්දැකිම් සහ පරිචය අහිමි කර ගත්තේ අධිකරණයට අදාලව අධිකරණය කැනබිල්ලෝකරණය/ ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism ලෙස ප්‍රකාශ කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් හේතුවෙන් බව කිව හැකිය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය සමඟ කියවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව අනුව නඩු පැවරිය හැකි තත්ත්වයකි. අධිකරණයේ, නීතියේ ආධිපත්‍යයේ, ඇතැම් විනිසුරුවරුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇතිබව සැඟවිය නොහැකිය. ජනතාව ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නොකලද, ජනතාවගේ හෘදය සාක්ෂිය, නීතියේ ආධිපත්‍යය සිදුවන, ක්‍රියාත්මක කරන, විසඳන ආකාරය ගැන ගැන ඇත්තේ ලස්සන චිත්‍රයක් නොවේ. නීතියේ ආධිපත්‍යයට බාධාවන දේ නිවැරදි කිරීමට නිදහස් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලැබූ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැඩි අවශ්‍යතාවයක් තිබිය හැකි වුවත්, අධිකරණය අදාලව අධිකරණය කැනබිල්ලෝකරණය/ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism යන්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වෙනුවෙන් යෙදවීමෙන් බරපතල නෛතික අර්බුදයකට මාර්ගය විවර කර ගත්තේය. අධිකරණයට "කැනබිල්ලෝකරණය" කිරීම නුසුදුසු තත්ත්වයක් වන අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට, ගෞරවයට, බල බෙදීමේ සිද්ධාන්තයට අහිතකරය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගැඹුරෙන් කල්පනා කළ යුතු බව මෙම ලේඛකයාගේ අදහසයි. අධිකරණය කැනබිල්ලෝකරණය/ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ගමනේ අවසානය බවට මේ වනවිට පත් වී ඇති අතර, ජනාධිපතිවරයා විසින්ම කරගත් ඒ දෝෂය නිවැරදි කිරීම කළ හැකි මාර්ග කිහිපයක් පැවතියද මෙම ලිපියෙන් ඒ ගැන කරුණු දැක්වීමට අදහස් නොකෙරේ. කියවන්න, ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද? http://neethiyalk.blogspot.com/2024/06/judicial-cannibalism.html?m=1 https://www.lankaweb.com/news/items/2024/06/21/judicial-cannibalism-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%ba-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.22)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...