Skip to main content

19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද?

19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද?
චමින්ද ලෙනව නම් අයෙක්ද, මෙම ලියුම්කරුද 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා සහන අයද තිබුණ අතර එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රු. ලක්ෂයක සහ රු. ලක්ෂ 5ක  විශාල නඩු ගාස්තුවලට යටත් කර එක් දිනකදීම ප්‍රතික්ෂේප කරන ලදී. එවන් අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 2024 ජූලි 19 දින සහභාගී වෙමින් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් සහ ජනතාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අලුත් සමාජ කතිකාවක් ආරම්භ කළ අතර, එහි පවතින දෝෂයක් ගැන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාවද ඉල්ලා සිටියේය. 2015 වසරේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද, එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය. (ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා එය ප්‍රතික්ෂේප කර තිබූ අතර, ජනමතවිචාරණයක් අවශ්‍ය වන සංශෝධන 2015 වසරේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොකළ බවටද අදහස් දක්වා තිබුණි) ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්දට ජනතාවගෙන් සමාව ගත්තා පමණක් නොව එය නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගත්තේය. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එනම් ජනාධිපති / පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 ඉක්මවා වෙනුවට වසර 5 ඉක්මවා ලෙස සංශෝධනය කිරීමට ගෙනවිත් ඇත. 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්දට ජනතාවගෙන් සමාව ගෙන එය නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කළද මේ දක්වා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවීමට ක්‍රියා කර නැත. ආර්ථික අර්බුදයකට රට මුහුණ දී තිබියදී ජනාධිපති ධූරය බාරගෙන ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්ද නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනයට මෙන්ම ඔහුගේ සෘජු සහ අවංක නායකයෙකු ලෙස වන පුද්ගලික භාවිතයද ජනතාවට දැන ගැනීමට සළස්වයි. එවන් සමාජ, ආර්ථික සහ නෛතික පරිසරයක 19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකදී ඡන්දය දෙයිද යන්න සැක සහිතය. ආශ්‍රිත මූලාශ්‍ර - 1. ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවිය (2024.07.19) https://pmd.gov.lk/si/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80-%E0%B6%A2%E0%B6%B1-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99/ 2. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත http://documents.gov.lk/si/bills.php 3.https://divaina.lk/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD/ 4. ජනාධිපති සමාව ගත් සිද්ධිය පිළිබඳ ජයම්පති දුන් පිළිතුර https://sinhala.adaderana.lk/news/199012 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.08.12)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...