Skip to main content

Posts

Showing posts from September, 2024

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද - කැප්පෙටිපොළද - සෝල්බරිද - ගැලවුම්කරුද - සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ...!

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද - කැප්පෙටිපොළද - සෝල්බරිද - ගැලවුම්කරුද - සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ...! 1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පිදුවේ 1818 නොවැම්බර් 26 වැනිදය. 2024 නොවැම්බර් 21 අලුත් පාර්ලිමේන්තු කැදවීමට නියමිතය. ඒ අනුර දිසානායක අලුත් ජනාධිපතිවරයාගේ 2024 සැප්තැම්බර් 24 දිනැති 2403/13 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ නියමය අනුවය. නොවැම්බර් 21 සහ 26 අතර ඇත්තේ දින කිහිපයක වෙනසකි. 1815 උඩරට ගිවිසුම, ජෝන් ඩොයිලි, කැප්පෙටිපොළ නිළමේ සහ සෝල්බරි සාමි ලංකාවට කළ බලපෑම පිළිබඳ කතිකාවකින් තොරව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක්විය හැකිද යන්න පිළිබඳ අදහස් දැක්වීම ඵලදායක නොවේ. ~ ඩොයිලි - ජෝන් ඩොයිලි ලංකාවට පැමිණි පසු පාලක පක්ෂයේ මෙන් ම රටවැසියාගේ ද සිත් දිනාගනිමින් තම සේවය ඉටු කළේ ය. ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සිංහල භාෂාව මැනවින් ඉගෙන ගැනීමට මහත් වෙහෙසක් දැරී ය. මාතර විසූ කාලයේ දී භික්ෂූන් වහන්සේගෙන් සිංහල භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තේය. රටවැසියන් අතර ඇති වූ වාද විව...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂය නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත නොකළහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂය නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත නොකළහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ද? අරුණ ලක්සිරි උණවටුන B.Sc.(Col), PGDC(Col), නීතීඥ. 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට නීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය,විනිසුරුවරුන්, නීතීඥවරුන් ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී පියවර ගත්තේය. 2. ඒ වන විට පුරවැසියන් විසින් 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එම නඩු විශාල නඩු ගාස්තු වලට යටත්කර ප්‍රතික්ෂේප කර තිබුණි. 3. එසේම 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති වූ වැරැද්ද / අතපසුවීම නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් ක...

අලුත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන යෝජනා 9ය.

අලුත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන යෝජනා 9ය. 1.ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන රාජ්‍ය සේවකයන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ක්‍රියාත්මක කිරීමට මහජන පැමිණිලි සටහන් කිරීමට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.අ. වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට "ව්‍යවස්ථාපිත යුතුකම් ඉටුකිරීමේ ජාතික කොමිෂන් සභාව" පිහිටුවන්න. 2. පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121වන ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩු විභාග, ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම් නඩු විභාග සජීවීව විද්‍යුත් මාධ්‍යයේ විකාශනය කරන්න. 3. වසර 3කට වැඩි කාලයක් වසා ඇති රාජ්‍ය ගොඩනැගිලි බදු පදනමින් කෘෂි නිෂ්පාදන සහ අපනයන නිෂ්පාදන ගබඩා කිරීම සඳහා ජනතාවට ලබා දෙන්න. 4. ප්‍රයෝජනයට නොගෙන ඇති රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් කෘෂිකාර්මික කටයුතු සහ අපනයන නිෂ්පාදනය ස‍ඳහා වසර 3ක බදු පදනමට ජනතාවට ලබා දෙන්න 5. ගෑස්, ඉන්ධන නල මාර්ග පද්ධතියක් අධිවේගී මාර්ග දෙපස ඉදිකරන්න. 6. පාසල් විෂය නිර්දේශයට 6 වසරේ සිට උසස් පෙළ දක්වා නීතිය විෂය හඳුන්වා දී අනිවාර්යය විෂයක් කරන්න. 7. පොදු ප්‍රවාහන සේවාව දියුණු කර ජීපීඑස් තාක්ෂණය හදුන්වා දී ජංගම දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය එළිදරව්වන නිසාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය එළිදරව්වන නිසාද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී පියවර ගත්තේය. 2. ඒ වන විට 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එම නඩු විශාල නඩු ගාස්තු වලට යටත්කර ප්‍රතික්ෂේප කර තිබුණි. 3. එසේම 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති වූ නීතිමය වැරැද්ද නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබුණි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ජනමතවිචාරණයක් අවශ්‍ය වීමත්, 2015 දී ජනමතවිචාරණයක් නොමැතිව ...

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්.....

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්..... 1. විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතකට එරෙහිව පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ජනමතවිචාරණයක් නියම කර ගනිමින් එකී විධිවිධාන නීති ගතකිරීම වැළැක්වීම. කොරෝනා වෛරස් ආසාදනය සමයේ විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළු තවත් විධිවිධාන නීතිගත කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා විසින් 2021 ජූනි 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්-19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121වන ව්‍යවස්ථා යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුලවීම යටතේ පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා (SC/SD/24/2021) එකි විධිවිධාන නීතිගත කිරීමට පෙර ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය ලබා ගැනීම. (ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සඳහා යොමු වන්න 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387 - 1450 දක්වා පිටු) 2. නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පැවරූ නඩුවකදී චූදිත වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට සිය තනි අභිමතයට සාක්ෂි වෙනස් කළ විනිසුරුවරයෙකුග...

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද? නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැද්ද? එන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද?

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද? නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැද්ද? එන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද? (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් ඇති හෙයින්, එය නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළකර තිබියදී එම දෝෂය නිවැරදි නොකර තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අනුමැතිය ලබා දීමට නීතිපතිවරයාට හැකිද යන්න ප්‍රශ්නයකි. 2024.07.19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් වී ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, විනිසුරුවරුන්, නීතීඥවරුන් ඉදිරියේ ජනාධිපතිවරයා විසින් ජනතාවගෙන් සමාව ගෙන තිබෙන තත්ත්වයක එකී දෝෂය නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතියෙන් ගෙනවිත් ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව...

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදක්වන අවස්ථාවේදී පැහැදිලි කරයි.

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදක්වන අවස්ථාවේදී පැහැදිලි කරයි. 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල නීතිමය දෝෂ නිවැරදි කරන්න රාජාධිකරණය තිබ්බට 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් අධිකරණයක් නැත්තෙ 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය දෝෂ සිදුවන්නෙ නැති නිසාද? ඒක හරිද? වැරදිද? එංගලන්තයේ රජු සහ රැජිණිගේ නීති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේත් දිගටම ක්‍රියාත්මක කරගෙන යමින් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණයේ අභියාචනා බලය ඉවත් කර ජනතාවගේ අභියාචනා අයිතියක් ඉවත් කිරීම ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක්ද? මේවාට නෛතික විසඳුම් හෝ යෝජනා නැද්ද? වසර 2කට පෙර ඉදල ශ්‍රේෂ්ඨාධිකරණය මුල් අවස්ථා අධිකරණය බලය ක්‍රියාත්මක කරමින් ලබා දෙන බන්ධනාගාරගත කිරීම්, දඩුවම්, දඩ, නඩු ගාස්තු නියෝග අභියාචනා කරන්න "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන්න කියල නී...