Skip to main content

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්.....

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්.....
1. විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතකට එරෙහිව පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ජනමතවිචාරණයක් නියම කර ගනිමින් එකී විධිවිධාන නීති ගතකිරීම වැළැක්වීම. කොරෝනා වෛරස් ආසාදනය සමයේ විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළු තවත් විධිවිධාන නීතිගත කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා විසින් 2021 ජූනි 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්-19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121වන ව්‍යවස්ථා යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුලවීම යටතේ පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා (SC/SD/24/2021) එකි විධිවිධාන නීතිගත කිරීමට පෙර ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය ලබා ගැනීම. (ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සඳහා යොමු වන්න 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387 - 1450 දක්වා පිටු) 2. නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පැවරූ නඩුවකදී චූදිත වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට සිය තනි අභිමතයට සාක්ෂි වෙනස් කළ විනිසුරුවරයෙකුගේ වැරදි ක්‍රියාව අභියාචනාධිකරණය ඉදිරියේ පෙන්වාදී චූදිත නිදොස් කර නිදහස් කර ගැනීම. (CA/HCC/133/2019) (2021.03.08) 3. නීති කෘතීන් 11 ක් පළකිරීම. 4. නීතිය පිළිබඳ ලිපි 500ක් පමණ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පළ කිරීම. 5. මාස 6ක නීති අධ්‍යාපන වැඩසටහන් 2ක් සහ එක් දින නීති අධ්‍යාපන වැඩසටහන් 26ක් නොමිලේ පැවැත්වීම. 6. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින දෝෂයක් ගැන ජනාධිපතිවරයා ගාල්ලේ අධිකරණ සංකීර්ණය 2024 ජූනි 19 දින විවෘත කිරීමේ අවස්ථාවේ ජනතාවගෙන් සමාව ගැනිම, එකී දෝෂය නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව 2024 ජූනි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කිරීමට වසර ගණනාවකට පෙර සිට එකී දෝෂ ගැන ජනාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන සහ ජනතාව දැනුවත් කිරීම. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය වූ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය”* (ISBN 978-955-38965-6-8) එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී දක්වන ලද අදහස් දැක්වීම් වලින්.... (* කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...