පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද? 1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍යවරු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 සහ 44.2 අනුව්‍යවස්ථා දක්වා ඇත. 3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදී සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ධූර වන අගමැති සහ අමාත්‍ය ධූර ලබා ගැනීම නිවැරදි බව අනුර දිසානායක ජනාධිපතිවරයා තීරණය කර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදුන් තෝරාපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍ය ධූර 2024.11.18 දින පත් කර ඇත. 4. පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස් වීමට හේතුවක් ලෙස ආ.ක්‍ර.ව්‍ය 66 ව...