Skip to main content

ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?

ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ඇති දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර, ආසන 159ක් ලැබූ මාළිමා ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනා හැකිද යන්න මෙම කෙටි ලිපියෙන් විමසා බැලීමට අදහස් කරයි. මාළිමාවට පාර්ලිමේන්තු ආසන 159ක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබී ඇත.එනම් 2/3 ටත් වැඩියෙන් ලැබී ඇත. මෙය 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවට තිබූ 2/3 ට වැඩි ආසන සංඛ්‍යාව මෙන් ය. පාර්ලිමේන්තුවේ ඉන්නා විපක්ෂයේ මන්ත්‍රීවරු 66 දෙනාට පාර්ලිමේන්තුවේ කතා කරමින්, වරප්‍රසාද භුක්ති විදිමින්, තේරීම් කාරක සභාවල අසුන් ගන්නත් හැකිය. මොකද පනත් කෙටුම්පතකට 2/3 ලැබෙන එක වළක්වන්න විපක්ෂයේ ආසන 66කට නොහැකිය. විපක්ෂයට ආසන 76ක් තිබ්බානම් පනත් කෙටුම්පතකට 2/3 ලැබීම වළක්වන්න හැකියාව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දැක්වෙන ජනමතවිචාරණයක් අවශ්‍ය ව්‍යවස්ථා හැර අනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඕනෑම එකක් කිරීමටත්, පවතින නීති අහෝසි කිරීමටත්, අලුත් නීති පැනවීමටත් මාළිමා ආණ්ඩුවට ව්‍යවස්ථාදායක බලය ලැබී ඇත. එය වැළක්වීමේ හැකියාවක් විපක්ෂයට නැත. විපක්ෂයට සහ මළිමා ආණ්ඩුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම ක්‍රියා කළ යුතුය. ජනමතවිචාරණයකට යා යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනා අවස්ථාවකදී විපක්ෂය කළ යුත්තේ එය හිතකරනම් ජනතාව සමඟ එකතු වී එය ජයග්‍රහණය කරන්න ක්‍රියා කරන එකය. 1977 පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු එක් පක්ෂයකට පාර්ලිමේන්තු ආසන 2/3 වැඩියෙන් ලැබූ පළවන අවස්ථාව මෙයයි. ඒ අනුව මාළිමා ආණ්ඩුව අනිවාර්යයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ ජනමතවිචාරණයෙන්ද ජයගැනීමේ අපේක්ෂාවෙනි. ඒත් එයට අවුරුදු 2කට වැඩිය කල් ගතහොත් ජනමතවිචාරණයෙන් පරදින්න වැඩි ඉඩක් ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මාළිමා ආණ්ඩුවට නොහැකි වුවහොත් ය. ඒ නිසා හැකි ඉක්මණින් වසරක් හෝ වසර 2ක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මාළිමා ආණ්ඩුව සිදුකිරීමට වැඩි ඉඩක් ඇත. විපක්ෂය සහ ජනතාව කළ යුත්තේ මාළිමා ආණ්ඩුව ගෙන එන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේද යන්න අවධානයෙන් විමසා බැලීමයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 83වන ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් ගැනීමය. එසේම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව දෝෂ සහිත බව නීතිපතිවරයාද මේ වන විට පිළිගෙන ඇත. ඒ 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ සිදුවී ඇති දෝෂයක් / අතපසුවීමක් හේතුවෙනි. එකී දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටද නීතිපතිවරයා 2024 දී අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2024.07.18 දින අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව අනුව පළකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින එකී දෝෂය / අතපසුවීම නිවැරදි නොකර පාර්ලිමේන්තු ආසන 159ක් ලැබූ පමණින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද යන්න විසඳිය යුතුය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.11.15)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...