Skip to main content

Posts

Showing posts from March, 2025

අධිකරණ බලය, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අපරාධ කිරීමට යොදවීම තරම් අපරාධයක් මිහිපිට තවත් නැත..!

අධිකරණ බලය, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අපරාධ කිරීමට යොදවීම තරම් අපරාධයක් මිහිපිට තවත් නැත..! අධිකරණය සහ නීතීඥවරුන් අතර නෛතික ගැටුම ඇවිලුවේ විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමති ප්‍රමුඛ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ගෙනා කණ්ඩායමයි. ඒ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ගෙන එමින් අධිකරණයේ කරුණු දක්වන, නඩු පවරන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කරවන නීති හඳුන්වා දෙමින් ය. ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැණි නීති iiවන ලෝක යුද්ධය සමයේ ජර්මනියේ හිට්ලර්ගේ නාසි පාර්ලිමේන්තුව සහ විධායකය විසින් යුදෙව්වන් සංහාරය කිරීමට පනවා ගන්න ලදී. එම වර්ග සංහාර නීති පනවන ලද්දේත් ක්‍රියාත්මක කරන ලද්දේත් නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ය. එම නීති ජර්මනියේ අධිකරණ මාර්ගයෙන්ද ක්‍රියාත්මක කරගන්නා ලදී. විධිමත් ලෙස පැනවූ නීති අධිකරණයද ක්‍රියාත්මක කළේය. දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ යටත් විජිත සමයේ කලු ජාතික මැන්ඩෙලා වසර 25කට අධික කාලයක් බන්ධනාගාර ගත කරගෙන සිටියේ ඉංග්‍රීසි නීතියට අනුකූලව එරට අධිකරණ ක්‍රියාත්මක මෙමි...

The appointment of former Chief Justice Jayantha Jayasuriya as Sri Lanka's Permanent Representative to the United Nations after his retirement, the impact on the independence of the judiciary, solutions and 22 brought to correct an error in 19. *

The appointment of former Chief Justice Jayantha Jayasuriya as Sri Lanka's Permanent Representative to the United Nations after his retirement, the impact on the independence of the judiciary, solutions and 22 brought to correct an error in 19. * Some people have forgotten that a President said at the opening of the New Court Complex in Galle that there is an error in the 19th Constitutional Amendment brought in 2015 regarding  the presidential and parliamentary terms of office and that it was due to an oversight by a certain legal expert and that he would apologize to the people for it. Chief Justice Jayantha Jayasuriya, Attorney General Parinda Ranasinghe, other judges and government officials were seated in that audience. Also, the 22nd Constitution Amendment Bill has been gazetted under Article 78 of the Constitution with the approval of the Attorney General to correct the error in the Constitution. Accordingly, it is clear that the terms of office of the President Anura ...

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු එක්සත් ජාතින්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම, විසඳුම් සහ 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22...!

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු එක්සත් ජාතින්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම, විසඳුම් සහ 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22...! 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාලයේ දෝෂයක් පවතින හෙයින් එය එක්තරා නීති විශාරදයකුගේ අතපසුවීමක් බවත් එයට ජනතාවගෙන් සමාව ගන්නා බවත් ගාල්ල අලුත් අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ ජනාධිපතිවරයෙකු පැවසුවා සමහරුන්ට අමතක වී ඇත. ඒ වේදිකාවේ ජයන්ත ජයසූරිය අගවිනිසුරුද, පාරින්ද රණසිංහ නීතිපතිද, තවත් විනිසුරුවරුන්ද, රාජ්‍ය නිලධාරීන්ද අසුන්ගෙන සිටියේය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ වැරැද්ද නිවැරදි කිරීමට නීතිපතිගේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද මේ වන විට ගැසට් කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ අනුර දිසානායක ජනාධිපතිගේ සහ මාළිමා පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ක් වන බවයි. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කළ අවස්ථාවක එය න...

1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි...!

1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි...! ශ්‍රී ලංකාව ජනරජයක් වුණේ 1972 මැයි 22 දිනය. ඒ 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුවේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන්‍ රාජකීය විදුහලේ නවරඟහලේදී කෙටුම්පත් කළ 1වන ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරමින් එතෙක් ඩොමීනියන් නිදහසක්ව තිබූ 1947 සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරවීමෙනි. එවැනි සේවයක් කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරවූ අතර පසුව පාර්ලිමේන්තුව නැවත එකී ප්‍රජාඅයිතිය අහෝසි කරවීම වැරදි බවට යෝජනා සම්මත කරවූයේ කාලයේ ඇවෑමෙන් ය. එයට මුල් වූයේ නීති මහාචාර්ය ජී. ඇල්. පීරිස් ය. වසර 26ක් පැවති ශ්‍රී ලංකා ජනරජය සහ කොටි සංවිධානය අතර උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණේ බෙදුම්වාදයද අවසන් කරමින් ය. 1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස් නිලධාරියා එකී සන්නද්ධ ගැටුමේදී ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් විසල් රාජකාරියක් කළ බවට සැකයක් තිබිය නොහැකිය. උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 200...

1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද?

1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද? 1948 සිට 2024 දක්වා ලංකාව පාලනය කළේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අර්ධව යටත්ව සිටි අවධියේ ස්ව චින්තනය නිර්මාණය වූ අගමැතිවරු සහ ජනාධිපවරුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඒ අතරින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එහි අපගමනයකි. ඒ අපගමනයේ ප්‍රතිඵලය වූයේ එතුමියගේ ප්‍රජා අයිතියද අහිමි කරවීමය. පසුව පාර්ලිමේන්තුව විසින්ම එකී ප්‍රජා අයිතිය අහිමි කිරීම වැරදි බවට යෝජනා කර ගත්තේ ය. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පාලනය අවධි 4කට වෙන් කළ හැකිය. 1. 1815-1948 සෘජු යටත් විජිත සමය 2. 1948-1972 ඩොමීනියන්/ අර්ධ යටත් විජිත සමය 3. 1972-2024 යටත් විජිත චින්තකයන්ගේ පාලන සමය 4. 2024 නිදහස් චින්තකයන්ගේ පාලනය ආරම්භක සමය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ 1949 දී උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා නාලිකාවේදී ප්‍රකාශ කරන ලද පහත අදහස මෙම ලිපිය මගින් මතු කරන කාරණය තව දුරටත් පැහැදිලි කරයි. "I had to come. I wanted to come. I was a subject of her Majesty Queen El...

2024 අංක 8 දරන අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත පිළිබඳ නීති අධ්‍යාපන විමර්ශනය...

2024 අංක 8 දරන අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත පිළිබඳ නීති අධ්‍යාපන විමර්ශනය... * මෙම පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටපත් වෙයිද? * මෙම පනත යටතේ අත්අඩංගුවට ගන්නා තැනැත්තෙක් වසරකට පසුවත් අත්අඩංගුවේ තබා ගත හැකිද? * පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කතාකරන දේටත් මෙම පනත යටතේ අධිකරණයට අපහාස නඩු පැවරිය හැකිද? * මෙම පනත යටතේ දඬුවම් නියම කිරීමේ සීමාවක් තිබේද? * මෙම පනත යටතේ දඬුවම් නියම කළ විට අභියාචනා අවස්ථාවක් තිබේද? * මෙම පනත හැර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙනත් පනත්/ නීති තිබේද? * මෙම පනත සංශෝධනය විය යුතුද? වෛද්‍ය තිලක පද්මා නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක අරුණ ලක්සිරි උණවටුන* විසින් මෙම නීති අධ්‍යාපන විමර්ශනය පවත්වනු ලබයි. [* අරුණ ලක්සිරි උණවටුන කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc සහ PGDC සුදුසුකම් ලබා ඇත. නීතීඥවරයෙකි. නීති ග්‍රන්ථ 10ක් පමණ ලියා ඇත. ඔහුගේ නීතිය සහ සමාජය පිළිබඳ ලිපි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පළ වෙයි. අන්තර්ජාලය ඔස්ස...

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම....!

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම....! ලෝකයේ ජාත්‍යන්තර භාෂා 6ක් ඇත. ඒ ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, ඉංග්‍රීසි සහ අරාබි යන භාෂාය. බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස තිබූ රටවල් ලෙස සැළකෙන වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉංදියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ඉංග්‍රීසි භාෂාවට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී ඇත. එසේ වුවත් ජපානය, කොරියාව, චීනය, රුසියාව, ප්‍රංශය වැනි දියුණු රටවල් ඒ රටවල භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදු කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් කටයුතු සිදු නොවන අතර ඉංග්‍රීසි භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. යුක්‍රේනය යනු අසල්වැසි රුසියාව සමඟ සම්බන්ධතා නොපවත්වා නේටෝව, යුරෝපීය සංගමය ඇ.එ.ජ. සමඟ සම්බන්ධතා පවත්වන්නට ගොස් සිය රටේ භූමියද, සම්පත්, දේපළ සහ ජීවිත අහිමි කරගනිමින් සිටින රටකි. තමන්ගේ රටේ නොමැති යුධ අවි වෙනත් රටවලින...