Skip to main content

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම....!

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම....!
ලෝකයේ ජාත්‍යන්තර භාෂා 6ක් ඇත. ඒ ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, ඉංග්‍රීසි සහ අරාබි යන භාෂාය. බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස තිබූ රටවල් ලෙස සැළකෙන වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉංදියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ඉංග්‍රීසි භාෂාවට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී ඇත. එසේ වුවත් ජපානය, කොරියාව, චීනය, රුසියාව, ප්‍රංශය වැනි දියුණු රටවල් ඒ රටවල භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදු කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් කටයුතු සිදු නොවන අතර ඉංග්‍රීසි භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. යුක්‍රේනය යනු අසල්වැසි රුසියාව සමඟ සම්බන්ධතා නොපවත්වා නේටෝව, යුරෝපීය සංගමය ඇ.එ.ජ. සමඟ සම්බන්ධතා පවත්වන්නට ගොස් සිය රටේ භූමියද, සම්පත්, දේපළ සහ ජීවිත අහිමි කරගනිමින් සිටින රටකි. තමන්ගේ රටේ නොමැති යුධ අවි වෙනත් රටවලින් ලබා ගෙන ණයට යුද්ධ කිරීමේ අනුවණකම යුක්‍රේනය සහ එහි ජනාධිපති සෙලන්ස්කි පසුගියදා ඇ.එ.ජ ජනාධිපති ට්‍රම්ප් සහ එහි උපජනාධිපති වෑන්ස් අතර ධවල මන්දිරයේ වූ අප්‍රසන්න සාකච්ඡාවේදී ලොවට ප්‍රදර්ශනය කළේය. එම සාකච්ඡාවේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා "අගෞරව කළ බවට" මෙන්ම "තුන්වන ලෝක යුද්ධය සමඟ සූදුවේ නියැලෙන" බවට චෝදනා එල්ල කළේය. එම සාකච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් පැවති අතර එහිදී යුක්‍රේන ජනාධිපතිවරයාගේ නොහැකියාව සහ ආධුනික බව සහ පෞරුෂය ගිලිහීම තමන්ගේ භාෂාව භාවිතා නොකිරීමෙන් පෙන්නුම් කළේය. රුසියාවේ හෝ චීනයේ හෝ ජපානයේ හෝ කොරියාව වැනි රටවල රාජ්‍ය නායකයන් සිය භාෂා අයිතිය යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි මෙන් අත්හරින්නේ නැත. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මෙම ලියුම්කරු ඒ ගැන ලිපියක් ලියමින් (2022 පෙබරවාරි 25 දින) ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය සහ ජපානය මෙන් වැරදි නොකරනු ලැබුවහොත් රුසියාව යුක්‍රේනයේදී පරාජය නොවන බව පැහැදිලි කළේය. ඒ වැරදි නම් අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය කළ වැරැද්ද පැසිපික් සාගරයේ හවායිහී පර්ල් වරායට බෝම්බ හෙළීමය. එම ලිපිය ස‍ඳහා අන්තර්ජාල සැබැඳිය.. http://neethiyalk.blogspot.com/2022/02/blog-post_26.html?m=1 ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සාකච්ඡාව ප්‍රචාරය වීමෙන් පසු සමාජයේ සාකච්ඡා වෙමින් ඇත. ඒ එම රූපවාහිනියේ "Head to Head" විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය.  මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා හසන් නම් මාධ්‍යවේදියෙකි. අල්ජසීරා විකාශය කළ වැඩසටහනේ දී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කළ අරගලය, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා ගැනීම, උතුරු නැගෙනහිර යුධ අපරාධ, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, යුරෝපා සංගමය, කතෝලික සභාව, රාජපක්ෂ පාලනය, බටලන්ද කොමිසම පිළිබව ඇතුලු අධි සංවේදී කාරණාද සමඟය. එම කාරණා රටේ පැවැත්මට, ස්ථාවරත්වයට ඉතා වැදගත් වෙයි. හිටපු ජනාධිපතිවරයාගෙන් අල්ජසීරාව කළ සකච්ඡාවේදී දුන් පිළිතුර පිළිබඳවද විවිධ අදහස් සමාජයේ සාකච්ඡා වෙයි. ඒ සමඟම එකී සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා දේශපාලන පසුතලයක සිට එකී සාකච්ඡාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන සිංහල භාෂාවෙන් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශකළ අතර එය නිදහසට කරුණු දක්වන ස්වරූපයක් ගත්තේය. එය සැබවින්ම යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උප ජනාධිපති වෑන්ස් සමග ඉංග්‍රීසියෙන් වූ අප්‍රසන්න සාකච්ඡාවෙන් පසු ඒ ගැන සමාව ගැනීමක් මෙන් විය. “මේ සම්මුඛ සාකච්ඡාවේදී මම කරපු සමහර හොඳ කතා තිබුණා ඒවා දාලා නෑ. ඒ ඔක්කොම ප්‍රචාරය කරා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් තියේවි. එම සාකච්ඡාවේදී මට නම් තුනක් දුන්නා. අම්බ්‍රිකා සත්‍යනාදන් මැතිනිය මෙහි හිටියේ. මම එතුමිය එයි කියලා මම බලාපොරොත්තු වුණා. පස්සේ ලබාදුන්නේ රාසරත්නම් නමැති කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ගේ උපදෙස් දුන්නු පුද්ගලයෙක්. ඇත්ත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. එකේ හිටපු දෙන්නෙක් දාලා හිටියා. මේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. අපේ බෞද්ධයන්ගේ ප්‍රධානියා මල්වතු නාහිමියන්. අනෙක් ආගමික නායකයන් කාදිනල්ලා වෙන්න පුළුවන්, බිෂොප්ලා වෙන්න පුළුවන් ඔවුන් ඉන්නේ ඒ යටතේයි. මොකක් හරි හේතුවකට එය පළවුණේ නෑ’’ යැයිද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එහිදී සිංහලෙන් පවසා තිබෙන බව මාධ්‍යද වාර්තා කර ඇත. තමන්ගේ අවස්ථාව අතපසු කරගැනීම හෝ වරදවා ගැනීමෙන් පසු යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි පසුව ඒ ගැන සමාව ගත්තේය. ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුව ඒ ගැන මාධ්‍ය හමුවේ තමන්ගේ නිදහසට කරුණු කීවේය. මෙම ලිපිය මගින් මතු කරන්නේ රටක ආරක්ෂාව, අභිමානය සහ පැවැත්ම සමඟ භාෂාවේ වැදගත්කම ය. එය දන්නා රටවල් ස්ථාවර වන අතර දියුණු වෙයි. ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන රටවලට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම පැහැදිලිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.07)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...