ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය.... නීති වැඩසටහන ජූනි 21
නොමිලේ පවත්වන 28වන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ- ආසන කලින් වෙන්කර ගන්න)
ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය.
2015 දී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති බලතල අඩු කර ගැනීම, ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කර ගැනීම ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 දී සිදු කළ කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය. ( 2002 දීද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් වූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් එයට ජනාධිපතිවරණයක් නියම වීමෙන් නතර විය.)
2015 දී ගෙන එනු ලැබු 2වන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතද ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කළයුතු එකක් බවට එසමයේ සිටම කතිකාවක් පැවතුණද මේ දක්වා එය නීතියක් ලෙස සළකා ක්‍රියාත්මක වන අතර ඉන් පසු 20 සහ 21 ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කර ඇත.
2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර (2024.07.18 දිනට පෙර)
පුරවැසියෙකු
සහ නීතීඥවරයෙකු විසින් ජනාධිපතිවරණය වසර 5කින් පැවැත්වීම වැරදි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 6කින් බවට තීරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ ඒ වන විටත් ජනාධිපති ධූර කාලය වසර 5ක් බව අවස්ථා කිහිපයකදීම තීරණය කර තිබූ අතර, මෙම නඩු නිෂ්ප්‍රභා කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන් දෙදෙනාට රු. ලක්ෂයක සහ ලක්ෂ 5 ක් ලෙස නඩු ගාස්තු නියම කරනු ලැබීය.
ජනාධිපති ධූර කාලය වසර 5ක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර එය අභියෝග කළ පෙත්සම්කරුවන්ට ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කර තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කරමින් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය අදාලව "සාවුරුද්ද" වෙනුවට "පස්අවුරුද්ද" ලෙස සංශොධනය කිරීම සඳහා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට නීතිපතිවරයා අනුමැතිය ලබා දුන් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ එම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළ වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කිරීමට ගෙන එනු ලැබූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් ඇත. සිංහල භාෂා පාඨයේ "සාවුරුද්ද" යන්න ස්ථාන 2ක ඇති අතර ඉංග්‍රීසි භාෂා පාඨයේ "six" ලෙස එක් ස්ථානයක පමණක් ඇත. එසේම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සංශෝධනය කිරීමට යන මුල් ව්‍යවස්ථාවේ එනම් මව් ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස් කම් කිහිපයක් ඇත. ඉංග්‍රීසි භාෂා පාඨයේ දැක්වෙන "which" යන්නට අදාල සීමාකිරීමක් සිංහල භාෂා පාඨයේ නොදැක්වෙන අතර සිංහල භාෂා පාඨය පුළුල් අර්ථයක් ගෙන එන අතර, එහි ඇති නිපාත මගින් වාක්‍ය කොටස් එකතු කරන තත්ත්වය පුළුල්ව යොදාගෙන ඇත.
සිංහල භාෂාවේ යොදා ගනු ලබන ව්‍යාකරණ රීති සැළකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. ඡේදය සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සමාජයේ විශාල කතිකාවක් ඇති කළයුතු ව්‍යවස්ථා සංශෝධනයක් වෙයි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් "සාවුරුද්ද" යන්න "පස්අවුරුද්ද" ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර තිබීම මගින් තවමත් පවතින්නේ සාවුරුද්ද (6) බව නිගමනය වෙයි. (පදමාලා දෙකක් අතර හෝ පාඨ අතර අනනුකූලත්වයක් ඇති වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කර "සාවුරුද්ද" යන්න "පස්අවුරුද්ද" ලෙස සංශෝධනය කිරීමට යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ 83 ව්‍යවස්ථාවේම නීතිමය අර්ථ නිරූපණය අනුව විමසා බැලිය යුතු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දැක්වෙන අනෙකුත් ව්‍යවස්ථා සමඟද අනුකූලත්වය සහ අදාලත්වය විමසා බැලිය යුතුය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, 23 වන ව්‍යවස්ථා මගින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරමින් නිරූපණය කරන නීති පැනවීමේ භාෂාවත් දක්වා තිබීමද අදාල කර ගත යුතු වේ.
ඒ අනුව ජනාධිපති ධූරකාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 අනුව්‍යවස්ථාවට වන බලපෑමද, මෙම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින් අනුමත කළ යුතුවන තත්ත්වයක් මතු වුවහොත් දැනටමත් ජනාධිපති ධූරකාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5ක් බව දැක්වෙන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 අනුව්‍යවස්ථාව ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියෙන් තොරව සංශෝධනය වූ ලෙස සළකන්නේ කෙසේද යන නීතිමය තර්කය පැන නගී. එසේම ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියෙන් තොරව ජනාධිපති ධූරකාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 අනුව්‍යවස්ථාව පවතින විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. ඡේදයේ "සාවුරුද්ද" වෙනුවට "පස්අවුරුද්ද" ලෙස සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන තත්ත්වයක්ද පැන නගී. මේ නීතිමය අවස්ථා 2ම එකවර විය හැකිද සහ නොහැකිද යන්න විසඳා ගත යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කරන ලද එම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර "සාවුරුද්ද" සහ "පස්අවුරුද්ද" යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම ඉක්මණින් ක්‍රියා නොකළහොත් ජනාධිපතිවරණය වසර 5කින් නොව වසර 6කින් බවට නැවත නෛතික ගැටුමක් ඉදිරියේදී හටගත හැකි අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් සහ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරමින් නිරූපණය කරන නීති පැනවීමේ භාෂාව කුමක්ද යන්න දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවත්, 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයද 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3ක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයද 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් ලබා දුන් තීන්දුව ඇතුලු නීතිමය තත්ත්වයන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමක් සිදුවනු ඇත.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදයේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට අදාල කාරණා සම්බන්ධයෙන් "සාවුරුද්ද" යන්න තවමත් පැවතීම සහ 2015 සිට ජනාධිපති ධූර කාලය වසර 5ක් ලෙස සැළකීමේ පටහැනි තත්ත්වයන් නිරාකරණය වනු ඇත.
ජනාධිපති ධූරකාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5ක් බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 අනුව්‍යවස්ථාවට වඩා ඉහළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව පවත්නා අතර, ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කළ යුතු ව්‍යවස්ථා කවරක්ද යන්න දක්වා තිබීම එයට හේතුවය. එසේම 83වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද ජනමතවිචාරණයක් අවශ්‍ය බව එහි දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල භාෂා පාඨය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ දැක්වෙන ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ පරමාධිපත්‍යය ඇසුරෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂාව ඇසුරෙන් අර්ථනිරූපණය කිරීමට ක්‍රියා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24වන ව්‍යවස්ථාව මගින් යම් අධිකරණයකට ඉංග්‍රීසි භාෂාව, නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ලබා දී ඇති අයිතියද සමග නොගැටේ. යම් අධිකරණයකට ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24වන ව්‍යවස්ථාව මගින් නෛතික අවසරය ලබා දී තිබුණද එමගින් ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ පරමාධිපත්‍යය දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන ව්‍යවස්ථාව හෝ නීති පැනවීමේ භාෂාව දැක්වෙන 23වන ව්‍යවස්ථාව හෝ යටපත් කිරීම දක්වා එය ව්‍යාප්ත නොවේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදයේ "සාවුරුද්ද" යන්න "පස්අවුරුද්ද" ලෙස සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළහොත් ජනාධිපතිවරයාට වසර 6ක් දක්වා කාලයක් ධූරදැරිය හැකි අවස්ථාවක් සහ තත්ත්වයක් ඇති වෙයි.
එනම් ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් පැවැත්වීමට සිඳුවෙයි.
මේ සම්බන්ධයෙන් නීති අධ්‍යාපන වැඩසටහනක් 2025 ජූනි 21 සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 3.00 දක්වා 09, කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය තැනැත්තන්ට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම වූ අතර, ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාල අදාලව වරදක් නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම නීති අධ්‍යාපන වැඩසටහන මගින් ඒ නීතියේ කතාව සාකච්ඡා කරයි.)
2025 ජූනි 21 සෙනසුරාදා පෙ.ව. 9.00- ප.ව. 3.00
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
Comments
Post a Comment