නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීමත් සමඟ වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ අය/ කරන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයිද?
නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීමත් සමඟ
වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ අය/ කරන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයිද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(b) ඡේදය නිවැරදිව දක්වන ලෙස නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමට අත්සන් කිරීමත් සමඟ එහි බලපෑම, ව්‍යාප්තිය සහ එම දෝෂය නිවැරදි කිරීම විධිමත් ලෙස කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය
83.අ. 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට අදාලව පවතින ඉංග්‍රීසි පරිවර්තනය
83.(b) a Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වගන්තිය මගින්ද ඒකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල භාෂා පාඨය සහ ඒහි පරිවර්තන ඉංග්‍රීසි භාෂා පාඨයේ වෙනස්කම් ඇති බව යම් ප්‍රමාණයකින් පෙන්නුම් කරයි.
ඒ සමඟම මතුවන ගැටළුව වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව යන ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ හෝ ඉදිරියටත් ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේද හෝ උල්ලංඝණය කරන්නේද යන්නය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(b) ඡේදය නිවැරදිව දක්වන ලෙස නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීමට අදාල කාරණාව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, නීති කොමිෂන් සභාවට, අධිකරණ ඇමතිතුමාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියට, මීගමුව නීතීඥ සංගමයට, වැලිසර නීතීඥ සංගමයට, නුගේගොඩ නීතීඥ සංගමයට, හෝමාගම නීතීඥ සංගමයට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයට, කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයට යොමු කර දැනුවත් කර ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම පටහැනි තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත්වී අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ලෙසද ඉල්ලා ඇත.
ඒ අනුව වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය සාමාජිකයන් දැනුවත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය අනුව ලබා දෙන ප්‍රතිඥාව හෝ දිව්රුම ආරක්ෂා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වගකිවයුතු අයගේ වගකීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත නීතීඥවරුන් ඇතුළු පුරවැසියන් විසින් කරන ඉල්ලීම ඉදිරිපත් කිරීමට 2025 ජූලි මස අවසන් සතියේ දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස 2025.07.10 දිනැතිව ජනාධිපති ලේකම්තුමා වෙත යොමු කරන ලද ඉල්ලීම ගරු ජනාධිපතිතුමා 2025 ජූලි මස අවසන් සතියේ දිවයිනෙන් බැහැර වීමේ තත්ත්වය තුළ නැවත ඉල්ලීම කර ඇති අතර, නීතීඥවරු 209 ක් සහ පුරවැසියන් 100ක් පමණ ගරු ජනාධිපතිතුමා වෙත මෙම ඉල්ලීම කරන හෙයින් මෙම ඉල්ලීම ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට/ ලබා දීමට එතුමාට පහසු දිනයක සහ වේලාවක අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත ජනාධිපති ලේකම්තුමා වෙත ඉල්ලා ඇති අතර එම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති බවත් යොමු අංකය:- PS/2025/07/30/67427 බවත් 2025.07.30 දින දැනුම් දී ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම්තුමා විසින් දැනුම් දෙන ඉදිරි දිනයක මෙම ඉල්ලීම ජනාධිපතිතුමා වෙත බාර දීමට ක්‍රියා කරන අතර අදාල ආයතන සහ බලධාරීන් මේ සම්බන්ධයෙන් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව අපේක්ෂා කරමු.
වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ හෝ කරන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයිද යන්න ඒ අනුව ඇතිවන අවස්ථානුකූල තත්ත්වය අනුව නෛතිකව විසඳා ගත හැකිය.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.07.31)
Comments
Post a Comment