ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කර ගැනීමට නීතීඥවරු 209ක් ජනපතිගෙන් ඉල්ලීමේ නීතිමය පදනම සහ ඉන් ජනාධිපති ධූර කාලයට සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට වන බලපෑම - 29 වන නීති වැඩසටහන අගෝස්තු 19 කොළඹදී
ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කර ගැනීමට නීතීඥවරු 209ක් ජනපතිගෙන් ඉල්ලීමේ නීතිමය පදනම සහ ඉන් ජනාධිපති ධූර කාලයට සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට වන බලපෑම - 29 වන නීති වැඩසටහන අගෝස්තු 19 කොළඹදී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව දක්වා ගැනීමට නීතීඥවරුන් 209ක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට කටයුතු කර ඇත.
මෙම ඉල්ලීමේ නීතිමය පදනම සහ බලපෑම ජනතාවට අවබෝධ කර දීම සඳහා "ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට නීතීඥවරුන් 209ක් ජනාධිපතිගෙන් කරන ඉල්ලීම සහ ජනාධිපති ධූර කාලයට / පාර්ලිමේන්තුව පවත්නා කාලයට ඉන් සිදුවන බලපෑම" මැයෙන් නීති අධ්‍යාපන වැඩසටහනක්
2025 අගෝස්තු 19 (අඟහරුවාදා) සවස 1.00 - 5.00 දක්වා කොළඹ 07, මහජන පුස්තකාලයේ 1වන මහළේ වායුසමනය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නොමිලේ නීති අධ්‍යාපන වැඩසටහන් 28ක් දිවයිනේ විවිධ ස්ථානවල පවත්වා ඇති වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන මගින් මෙම නීති අධ්‍යාපන වැඩසටහන පවත්වන අතර නීතීඥවරුන් සහ විද්වතුන් මෙහිදී දේශන පවත්වන අතර එහිදී නීති සටහන්ද පැමිණෙන අයට ලබා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය
30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,
ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය
a Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years,
ආසන සීමිත හෙයින් පහත දුරකථන අංකය අමතා ආසන වෙන්කර ගත හැකිය.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394
Comments
Post a Comment