Skip to main content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට ගැලපෙන ලෙස නිවැරදිව එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නොපවතින බව වරලත් ඉංජිනේරුවරයෙකු වන හර්ෂ කුමාර් සූරියආරච්චි මහතා විසින් පෙන්වා දී තිබූ අතර මේ දක්වා එකී පරිවර්තන දෝෂය නිවැරදි කිරීමට විධායකය විසින් ක්‍රියාකර නොතිබීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව පරිවර්තනයක් ලෙස පළකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් පරීශීලනය කරන දේශිය සහ ජාත්‍යන්තර විද්වතුන්ට නිවැරදිව නෛතික කරුණු අනාවරණය නොවීම දිගටම සිදුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වගන්තිය මගින්ද ඒකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල භාෂා පාඨය සහ ඒහි පරිවර්තන ඉංග්‍රීසි භාෂා පාඨයේ වෙනස්කම් ඇති බව යම් ප්‍රමාණයකින් පෙන්නුම් කරයි. (පසු පිටුව බලන්න) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ දෝෂය ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය පිහිටා ඇති ජනතාවට අයුක්තියක් සිදුකරයි.මෙය නිවැරදි කළ හැක්කේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කිරීමට විධායකය විසින් පියවර ගෙන ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව නැවත පළ කිරීමෙන්ය. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි මහතාගේ ඉල්ලීමකට අනුව ඒ මහතා සහ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වූ ජයතිලක, මුණසිංහ, ගුණතිලක පත්මසිරි යන මහත්වරු රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා සමග 2025 ජූනි 20 දින සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් රාජගිරිය ජනජයසිටි ‌ගොඩනැගිල්ලේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නිලකාමරයේදී පැවති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් පවතින බවත්, එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සැළකිය නොහැකි බවත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා එහිදී ප්‍රකාශ කළේය. (එම සාකච්ඡාවට අදාලව රාජ්‍ය භාෂා සතිය (2025.07.01-2025.07.07) වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ මාධ්‍ය නිවේදනය පසු පිටුවේ දැක්වේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 2වන වගන්තිය. සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනය
මෙම මාධ්‍ය නිවේදනයේ පිටපත් 1.ජනාධිපති ලේකම් කාර්යාලය 2. අග්‍රාමාත්‍ය කාර්යාලය 3. කතානායක කාර්යාලය 4. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය 5. ශ්‍රී ලංකා නීතීඥ සංගමය 6. නීති කොමිෂන් සභාව 7. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව 8. අධිකරණ අමාත්‍යාංශය 9. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් 10.අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය 11. නීති ආධාර කොමිෂන් සභාව 12. ශ්‍රී ලංකා නීති විද්‍යාලය 13.නීති පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය 14. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 15. රාජ්‍ය භා‍ෂා දෙපාර්තමේන්තුව මාධ්‍ය ආයතන වෙත ලබා දී ඇත./ යොමු කර ඇත. https://www.lankaweb.com/2025.07.05 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨය සහ පවතින ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය
විමසන්න. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.07.07)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...