ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතු වලදී යොදා ගැනීම වළක්වන ලෙස නීතීඥවරයෙක් විසින් නීතිපතිට සහ නීතීඥ සංගමයට දන්වයි...
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතු වලදී යොදා ගැනීම වළක්වන ලෙස නීතීඥවරයෙක් විසින් නීතිපතිට සහ නීතීඥ සංගමයට දන්වයි...
“ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇති බව” 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇති බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත 2025.08.19 දිනැතිව අවධානයට යොමු කර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් දෝෂ පවතින හෙයින් ඔවුන් යටතේ සිටින නීතීඥවරුන් සහ තැනැත්තන් තව දුරටත් දෝෂ සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතු වලදී යොදා ගැනීමෙන් වළක්වන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත එමගින් දැනුම් දී ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ නෛතික කටයුතු වලදී යොදා ගැනීම වළක්වන ලෙස නීතිපතිට සහ නීතීඥ සංගමයට පෙන්වා දී ඇති හෙයින් ඉදිරියටත් දෝෂ සහිතව පවතින ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෛතික කටයුතු වලට යොදා ගනු ලැබුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය මගින් ලබා දෙන ප්‍රතිඥාව හෝ දිව්රුම කඩකිරීමක් වන අතර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමට පටහැනිද වේ. එසේම එය චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්ද වෙයි.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.20)
Comments
Post a Comment