Skip to main content

ඉංග්‍රීසි පනත් අධිකරණයට ඉදිරිපත් කරන අයට එරෙහිව නඩු? නීතීඥවරයෙක් කතානායකට, නීතිපතිට, නීතීඥ සංගමයට, අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට දැනුම් දෙයි.

ඉංග්‍රීසි පනත් අධිකරණයට ඉදිරිපත් කරන අයට එරෙහිව නඩු? නීතීඥවරයෙක් කතානායකට, නීතිපතිට, නීතීඥ සංගමයට, අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට දැනුම් දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 7, 9, 10, 23, 79, 80, 83 වන ව්‍යවස්ථා අනුව කතානායකවරයාට හෝ ජනාධිපතිවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් නීති ලෙස භාවිතා කිරීම වළක්වන ලෙස සහ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් කතානායක, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලුමුවදොර, කොළඹ 01. පාර්ලිමේන්තුවේ මහ ලේකම්, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04., ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10., ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අලුත්කඩේ, කොළඹ 12, රෙජිස්ට්‍රාර්, අභියාචනාධිකරණය, අලුත්කඩේ, කොළඹ 12.,නීති කෙටුම්පත් සම්පාදක, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අධිකරණ මාවත,කොළඹ 12., සභාපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මිහිදු මාවත, අලුත්කඩේ, කොළඹ 12.වෙත 2025 අගෝස්තු 21 දින ලිඛිතව දැනුම් දී ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් දැනුම් දී ඇති බව " ව්‍යවස්ථාවේ හිලක්, වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි " 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇත. බලන්න (ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි... ලංකාදීප 2025.08.18) සියත https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335 දෙරණ https://youtu.be/NRDjvJ-zdgk?si=3ujpyUJ1sUPQWkOd හිරු https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB සිරස https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk වොයිස් ටියුබ් https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS ද ලීඩර් https://theleader.lk/news/34587-2025-08-18-05-01-34 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 7, 9, 10, 23, 79, 80, 83 ව්‍යවස්ථා අනුව කතානායකවරයාට හෝ ජනාධිපතිවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් නීති ලෙස භාවිතා කිරීම වළක්වන ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම සම්බන්ධයෙන් සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් කතානායක, ජනාධිපති ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අලුත්කඩේ, රෙජිස්ට්‍රාර්, අභියාචනාධිකරණය,නීති කෙටුම්පත් සම්පාදක,සභාපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දැන්වීම් යොමු කර ඇති හෙයින් මෙම කාරණාව තවදුරටත් නොදන්නා බව පැවසීමේ හැකියාවක් අදාල පාර්ශවයන්ට නොමැත. එසේ හෙයින් තවදුරටත් නීති ලෙස සැළකෙන සිංහල හෝ දෙමළ භාෂා පනත් (අනනුකූල විට සිංහල භාෂා පාඨය බලාත්මක) අධිකරණයට හෝ නෛතික කටයුතුවලදී ඉදිරිපත් නොකර කතානායක සහතිකය නොමැති ඉංග්‍රීසි පරිවර්තන පනත් අධිකරණයට හෝ නෛතික කටයුතු වලදී යොදා ගන්නා අයට එරෙහිව නඩු පවරනු ලැබීමේ අවස්ථා මතු වෙයි. http://neethiyalk.blogspot.com/2025/08/blog-post_23.html?m=1 මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.08.23)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...