නඩු විභාග කිරීමේදී සහ තීන්දු තීරණ ලිවීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස පළ කර ඇති සහ කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි පනත් යොදා ගැනීමේ දෝෂය / වැරැද්ද නිවැරදි කළ යුත්තේ ජනාධිපතිද? කතානායකද? අගවිනිසුරුද?
නඩු විභාග කිරීමේදී සහ තීන්දු තීරණ ලිවීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස පළ කර ඇති සහ කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි පනත් යොදා ගැනීමේ දෝෂය / වැරැද්ද නිවැරදි කළ යුත්තේ ජනාධිපතිද? කතානායකද? අගවිනිසුරුද?
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 අනු ව්‍යවස්ථාව අනුව සියලු නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීමද එකී සියලුම නීති සහ අනු නීති පළ කිරීමද ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක්ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විය යුතු බව දක්වා ඇත.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සම්මත කරන ලද සෑම පනත් කෙටුම්පතක ම කතානායකවරයාගේ සහතිකය ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුතු බව දක්වා ඇත.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 අනුව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව විසින් සම්මත නොකරන අතර ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් සඳහා කතානායකවරයාගේ සහතිකය යෙදීමට නොහැකි වෙයි.
4. කතානායකවරයා සහතිකය යොදා ඇති පනත් සහ කතානායකවරයා සහතිකය යොදා නැති පනත් අතර නෛතික බලයේ විශාල වෙනසක් පවතින අතර කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පරිවර්තන පනත් සඳහා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය බලය හිමි ජනතාවගේ අනුමැතිය නොමැති අතර ඒවා නීති laws ලෙස සැළකීමට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවස්ථාව ලබා දී නැත.
5. ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස පළ කරන පනත් නීති / laws ලෙස සැළකිය නොහැකි අතර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය ලෙස පනත් මුද්‍රණය කරන්නේ ඉංග්‍රීසි දන්නා අයගේ පහසුව සඳහා මිස ඒවා නීති / laws ලෙස සළකමින් අධිකරණවල නඩු විභාගවලදී සහ නඩු තීන්දු ලිවීමේදී භාවිතා කිරීමට නොවේ.
6. ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකිව පළ කරන පනත් සහ සිංහල සහ දෙමළ භාෂාවෙන් කතානායකවරයාගේ සහතිකය සහිතව පළ කරන පනත් අතර වෙනස්කම්, නොගැලපීම් සහ ප්‍රතිවිරුද්ධතා පවතී.
7. ඉහත අංක 6 ඡේදයට ඇති හොඳම උදාහරණය ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ලේකම් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 අගෝස්තු මස දැනුම් දීම ගත හැකිය.
මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ පළවූ පුවත් කිහිපයක් පහත දක්වා ඇත.
(ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි... ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
ද ලීඩර්
https://theleader.lk/news/34587-2025-08-18-05-01-34 2.
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? (ලංකාදීප)
https://www.lankadeepa.lk/latest_news/1/1-677971 https://www.divaina.lk/main-news/22720
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක්? කතානායක සහතික නොකරන ඉංග්‍රීසි පනත් භාවිතය. 29වන නීති වැඩසටහන 2025 අගෝස්තු 19 කොළඹ මහජන පුස්තකාලයේදී...
https://youtu.be/-DrN1fkJYAo?si=fTocgCvpaEuYpS8B
8.1 ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දීම අපරාධ නීතිය, සිවිල් නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය, රිට් නඩු නීතිය, අභියාචනා/ ප්‍රතිශෝධන නීතිය, මැතිවරණ නීතිය අදාලව පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය, අධිකරණ ස්වාධීනත්වය, තිරසර සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අදාලවද වැදගත් වෙයි.
8.2 මැතිවරණ කොමිෂන් සභාව, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 106ක් ජනාධිපති ලේකම් වෙත පෙන්වා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ වැරැද්ද ජනාධිපති ධූරකාලයට සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට සෘජුව සම්බන්ධ වන අතර එය වසර 5 ද 6ද යන ප්‍රශ්නයට අදාල වෙයි.
(එනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6 ඉක්මවන සංශෝධනවලදී පමණක් ජනමතවිචාරණයක් පැවැත්විය යුතු වන අතර එම කාලය වසර 6ට වඩා අඩු කරන්නේ නම් ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6 ඉක්මවන සංශෝධනවලදී මෙන්ම වසර 6ට වඩා අඩුකරන සංශෝධනවලදී ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වෙයි.)
ස්වාධීන රූපවාහිනී පුවත් 2025.08.14 සවස 6.30
https://www.youtube.com/live/s5YIqYDoGvo?si=w85wTvoZlgSKiE8C&t=1686
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
දිවයින 2025.08.15 පිටුව 2
සිංහල මුද්‍රණයට ගැලපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි මුද්‍රණය නිවැරදි කරන්න. නීතීඥවරුන්ගෙන් ජනාධිපති ට ඉල්ලීමක්.
https://www.divaina.lk/main-news/22720
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? (ලංකාදීප - 2025.08.21)
https://www.lankadeepa.lk/latest_news/1/1-677971
8.3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදය අර්ථනිරූපණය කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යොදා නීතියක් කිරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 79, 80, 83 ,125 වන ව්‍යවස්ථාද ඒ සමඟ 1, 2, 3, 7, 9, 10, 35 වන ව්‍යවස්ථාද ඇතුලු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද සළකා බලන පසුබිමක් සැකසෙන හෙයින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් වෙත යවා ඇති මෙම දැනුම්දීම ශ්‍රී ලංකාවේ නෛතික සහ දේශපාලන සහ නීති අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ඉතා වැදගත් වෙයි.
9.1 මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට අනුව නිවැරදිව එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දීමත්
සමඟම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions)
නැවත සමාලෝචනය කිරීමේ (ප්‍රමාද දෝෂ/ Per Incuriam) අවස්ථා මතුවන අතර
වැදගත් නීතිමය අර්ථනිරූපණ කිහිපයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පහත කාරණා ඉදිරිපත් වීමේ අවස්ථා විවෘත වෙයි.
අ. 2024 පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජයගත් ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජනාධිපති ධූරය කාලය වසර 6ක් බවත්, පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් බවත්,
ආ. අනුර දිසානායක මහතාගේ ජනාධිපති ධූරකාලය ආරම්භ වන්නේ 2025 නොවැම්බර් 18 සිට බව සහ ඔහුගේ ජනාධිපති ධූර කාලය 2031 නොවැම්බර් දක්වා පවතින බව.
ඇ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 ජූලි මස 14 දින ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමය ප්‍රතිපාදන අනුව අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු විසින් 2022 ජූලි 20 දින තෝරා ගන්නා ලද හෙයින් සහ 2022 ජූලි 21 දින ජනාධිපති ලෙස ප්‍රතිඥා දී ඇති හෙයින් ඔහුගේ ජනාධිපති ධූර කාලය 2025 නොවැම්බර් 18 දක්වා පවතින බව.
ඈ. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව පවරා ඇත්තේ ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ ධූර කාලය අවසන් වීමෙන් පසුව නොවන හෙයින් එය පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය තිබේද යන්න,
9.2 ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැන්වීමත් සමඟ රනිල් වික්‍රමසිංග මහතාගේ ජනාධිපති ධූරය සහ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාගේ සහ එම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කටයුතු අනීතික ක්‍රියාදාමයක් මගින් වළක්වා ඇති තත්ත්වය සහ එය දණ්ඩ නීති සංග්‍රහයේ 113.අ, ආ, 114, 115, 119 වගන්ති වලින් හඳුන්වාදී ඇති අපරධ වැරදි සංයුක්ත කරන තත්ත්වයක් උද්ගත කරවන හෙයින්, එයට අදාල කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 21 වන වගන්තියේද දැක්වෙන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හතරවන උපලේඛනය අනුව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති පරිසරයක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර එනම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම රනිල් වික්‍රමසිංහ මහතාට කළ හැකි එක් සුදුසු පියවරක් වෙයි.
10. මූලික / උත්තරීතර නීතියේ දක්වා ඇති ආකාරයට සහ ඒ මත රටක පාලනය නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ තිරසර සංවර්ධනයේ ආලෝකය රටේ ජනතාවට නොලැබෙන අතර,
අධිකරණ විසින් නඩු විභාග කිරීමේදී සහ තීන්දු , තීරණ ලිවීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස පළ කර ඇති සහ කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි පනත් යොදා ගැනීමේ දෝෂය / වැරැද්ද නිවැරදි කළ යුත්තේ ජනාධිපතිවරයාද? කතානායකවරයාද? අගවිනිසුරුවරයාද? යන්නද නොවිසදෙනු ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.09.05)
Comments
Post a Comment