නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත් හෘදය සාක්ෂියේ නිදහසට වෙන බලපෑම....
නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත් හෘදය සාක්ෂියේ නිදහසට වෙන බලපෑම.... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට එම නඩුවට පෙනී සිටි නීතීඥවරයා විසින් 2025.10.25 දින ඉල්ලීමක් කර ඇත. එකී මහාධිකරණ නඩුව විභාග කළ විනිසුරුවරයා මුල් අවස්ථාවේ සිටම සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් චූදිතගේ ඉල්ලීම මත එම නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත මාරු කර ගැනීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය යටතේ අභියාචනාධිකරණයට ඉල්ලීමක් කර තිබූ බවත්, එම ඉල්ලීම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ බවත්, එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුතුමා සහ තවත් විනිසුරුතුමෙකු විසින් සිංහල භෂාවෙන් පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට තීරණය කර ඇත. සිංහල භෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට අභියාචනාධිකරණය ත...