සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද කියා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව කර ඇති පරීක්ෂණය සම්බන්ධ විස්තර නීතීඥවරයෙකු තොරතුරු පනතෙන් ඉල්ලයි.
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද කියා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව කර ඇති පරීක්ෂණය සම්බන්ධ විස්තර නීතීඥවරයෙකු තොරතුරු පනතෙන් ඉල්ලයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ විසින් සිඳුකර ඇති පරීක්ෂණය හෝ විමර්ශනය හෝ සළකා බැලීම පිළිබඳව තොරතුරු ඉල්ලා ඇත.
1.1) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් හෝ විමර්ශනයක් හෝ සළකා බැලීමක් කරන ලද්දේ කවදාද?
1.2.) ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලැබෙන දිනය 2025.08.11 දිනයෙන් පසුව දිනයක් නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2025.08.11 දිනැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව එම
පරීක්ෂණයේදී හෝ විමර්ශනයේදී හෝ සළකා බැලීමේදී නීති කෙටුම්පත් සම්පාදකදෙපාර්තමේන්තුව විසින්
සළකා බලා තිබේද?
2) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණය හෝ විමර්ශනය හෝ සළකා බැලීම සිඳු කිරීමෙන් පසු සකස් කළ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙසත්,
3) සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේද උපුටා දක්වමින්
අ.) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ 4 වන පේළියේ ඇති "which" පාඨ කොටස, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දැක්වෙන්නේ කුමන පාඨ කොටසෙන්ද? යන්නත් එමගින් ඉල්ලා ඇත.
ඉහත තොරතුරු ඉල්ලීම 2025.10.16 දින නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය වෙත ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.10.17)
Comments
Post a Comment