ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බුදුපිළිමය සම්බන්ධ නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට අවසර හිමි වේ.
ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බුදුපිළිමය සම්බන්ධ නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට අවසර හිමි වේ. ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ 1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට ඉල්ලා ඇත. මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කර ඇති අතර නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර ඇත. මෙම මෝසම ගොනු කරන නීතීඥ මහතා CA/WRT/1099/25 අංක දරන අභියාචනාධිකරණ නඩුවේ ස...