Skip to main content

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බුදුපිළිමය සම්බන්ධ නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට අවසර හිමි වේ.

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බුදුපිළිමය සම්බන්ධ නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට අවසර හිමි වේ.
ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ 1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට ඉල්ලා ඇත. මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කර ඇති අතර නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර ඇත. මෙම මෝසම ගොනු කරන නීතීඥ මහතා CA/WRT/1099/25 අංක දරන අභියාචනාධිකරණ නඩුවේ සහතික පිටපතක් ඉල්ලා 2026.01.20 දින ඉල්ලීමක් කරමින් අභියාචනාධිකරණයට මුදල් ගෙවා ඇති බවත් එම මෝසමේ සදහන් වෙයි. පුවත්පත්වල පළ වී ඇති පුවත් අනුව අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බවට නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් 2026.01.19 දින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගැනීම මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට මෙම නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් නියමිත ගාස්තු මත නිකුත් කර ගැනීමට නියෝගයක් ලබා ගැනීමට මෙම මෝසම ඉදිරිපත් කර විවෘත අධිකරණයේ කරුණු දැක්වීම සිදුකර ඇත. මෙම මෝසමේ කරුණුවලට අවධානය යොමු කළ මහේස්ත්‍රාත්තුමා මෙම නඩුවේ සම්පූර්ණ වාර්තාවේ පිටපතක් නීතීඥවරයා වෙත ගාස්තුවට යටත්ව නිකුත් කිරීමට නියෝග කර ඇත. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...