Skip to main content

Posts

Showing posts from February, 2026

ත්‍රී'මලේ බුදු පිළිම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නෑ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.28 දින පෙන්වා දෙයි...

ත්‍රී'මලේ බුදු පිළිම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නෑ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.28 දින පෙන්වා දෙයි... ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ BR/1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මැදිහත් වී මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී 2026.01.19 දින පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමේදී කර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ කාරණාවලට නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කරුණු දක්වා ඇත. මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් එම නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර එය 2024 අංක 8 දරන අධිකරණයකට, වි...