Skip to main content

ත්‍රී'මලේ බුදු පිළිම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නෑ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.28 දින පෙන්වා දෙයි...

ත්‍රී'මලේ බුදු පිළිම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නෑ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.28 දින පෙන්වා දෙයි... ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ BR/1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මැදිහත් වී මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී 2026.01.19 දින පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමේදී කර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ කාරණාවලට නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කරුණු දක්වා ඇත. මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් එම නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර එය 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති බැවින් තමන්ට මෙම නඩුවේ සහතික පිටපත් ලබා ගැනීමට අයිතිය ඇති බව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.21 විවෘත අධිකරණයේ දී පෙන්වා දීමෙන් පසු එකී පිටපත් ලබා ගැනීමට මහේස්ත්‍රාත්තුමා අවසර ලබා දී ඇත. මෙම නඩුව 2026 ජනවාරි මස 28 දින නැවත කැදවූ අවස්ථාවේ සැකකාර ස්වාමීන් වහන්සේලා ඇතුලු අනෙක් අයට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් නීතිපතිවරයා සමග කරුණු දැක්වූ අවස්ථාවේ මෙම නඩු වාර්තාවේ දෝෂ පවතින බවත්, එය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට බාධාවක් බවත්, එම දෝෂ හ‍ඬ පට ඇසුරෙන් නිවැරදි විය යුතු බවත් ඒ සඳහා 2026.01.19, 2026.01.21 සහ 2026.01.28 දිනවල නඩුවට අදාල හඬපටවල පිටපත් නියමිත ගාස්තුවට යටත්ව තමන් වෙත නිකුත් කරන ලෙසත්, අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නොමැති බවත් නඩුව විභාග කරන අවස්ථාවේ හෝ ඒ සම්බන්ධයෙන් තීරණය කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවෙ සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතාද එකී හඬපටවල පිටපත් සැකකරුවන් වෙනුවෙන් ලබ දෙන ලෙසද ඉල්ලා සිටියේය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙම නඩුවට කරුණු දැක්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ කළණ කොතලාවල මහතා සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා විරුද්ධ වූ අතර 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනතේ 15වැනි වගන්තිය මගින් අධිකරණයට අපහාස කිරීමේ කාරණා සියලු නීති අභිබවා යන බවත්, තමන්ට මේ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වීමට අයිතිය ඇති බවත් පෙන්වා දුන්නේය. නඩුව නැවත 2026.02.02 දින කැදවූ අවස්ථාවේ ත්‍රීකුණාමලය වරය පොලීසිය වෙනුවෙන්ද, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ කළණ කොතලාවල මහතාද, සැකකරුවන් වෙනුවෙන් නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතාද, පොලීසිය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ කාරණාවට පෞද්ගලිකව මැදිහත් වී සිටින නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාද අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩු වාර්තාවේ දෝෂ සම්බන්ධයෙන් තමන් 2026.01.30 දින අධිකරණ සේවා කොමිසම වෙත ඉල්ලීමක් කර ඇති බවත් එහි පිටපතක් අද දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත බාර දී ඇති බවත් සටහන් වල දෝෂ නිවැරදි කිරීමට අදාලව අධිකරණ සේවා කොමිසම විසින් පියවර ගැනීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කරන ලදී. ඒ අවස්ථාවේ එක් එක් සැකකරුවන්ගෙන් විමසමින් ඔවුන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට අධිකරණයේ පෙනීසිටීමට උපදෙස් ලබා දී තිබේද යන්න විමසූ අතර තමන් උපදෙස් ලබා දී නැති බව සැකකරුවන් මහේස්ත්‍රාත්තුමා වෙත ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්තුමා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා අමතමින් මෙම නඩුවේ වාර්තා ලබා ගෙන තමන් කැමති අධිකරණයක අධිකරණයට අපහාස කිරීමේ නඩු පවරා ගැනීමට හැකි බව මහේස්ත්‍රාත්තුමා දැනුම් දුන් අතර නඩුව 2026.02.09 දින කැදවීමට නියෝග කරන ලදී.   වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2026.02.02)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...