පාරින්ද රණසිංහ නීතිපති 2024 දී දුටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නොදුටුවේ ඇයි?
පාරින්ද රණසිංහ නීතිපති 2024 දී දුටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නොදුටුවේ ඇයි?
1. වර්ෂ 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හේතුවෙන් ඇති වී තිබෙන වැරැද්ද නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024.07.18 දින පාරින්ද රණසිංහ නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් පත්‍රයේ පළ කර තිබුණි.
2. වර්ෂ 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇති වැරැද්දක් නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට වර්ෂ 2024 දක්වා වසර 09ක් ගතවීම ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම පෙන්වන ප්‍රභල සාක්ෂියක් වෙයි.
3. කොළඹ විශ්ව විද්‍යාලයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, යාපනය විශ්ව විද්‍යාලයේ, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින මෙම වැරැද්ද සම්බන්ධයෙන් ගැඹුරෙන් නීති අධ්‍යයනයක නියැළීමට දැන්වත් කටයුතු කිරීමට පෙළඹීම ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ආරක්ෂා කිරීමටද හේතුවෙයි.
4. විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරගෙන යන මේ අවස්ථාවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින මෙම වැරැද්ද සම්බන්ධයෙන් නීති අධ්‍යයනයක නියැළීම සුදුසු වෙයි.
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් පවතින බවට නීතිපතිවරයා පිළිගෙන තිබියදී කුමන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර එම දෝෂය නිවැරදි කිරීම කළ යුතු හෙයින් මෙම නීති අධ්‍යයනය කාලීන අවශ්‍යතාවයක් වෙයි.
[මේ සම්බන්ධයෙන් පවත්වන 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත්වේ. (ආසන කලින් වෙන් කර ගන්න.)]
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394

Comments
Post a Comment