පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්ට
බැදුම්කර වාර්තාව සිංහලෙන් අවශ්‍ය නැතත් ජනතාවට අවශ්‍යයි...!
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
- මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන - (2018.03.29)
- මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන - (2018.03.29)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com
ඉංදියාවද
ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ව තිබුණි. ඒ නිසාමදෝ ඉංදීය ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව මගින් හිංදි භාෂාවට අධිකරණයේ නීතිමය පිළිගැනීම ලබා දී නැත. ඒ අනුව
ඉංදියාවේ සෑම තැනැත්තෙකුටම තමාගේ නඩුවට තමාට පෙනී සිටීමේ අයිතිය අහිමිකර ඇති අතර
ඉංග්‍රීසි දැන ගැනීම ඉංදියාවේ යුක්තිය ඉටු කර ගැනීමේදී අවශ්‍යම වේ. නමුත් ලංකාවේ
එසේ නොවේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති
ආරක්ෂාව හේතුවෙන් ලංකාවේ ජීවත්වන සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති ආරක්ෂාව අහිමිකරවන ක්‍රියාදායකින් තොරව ලංකාව
අනාරක්ෂිත සහ මව් භාෂාවට නීතිමය පිළිගැනීම අහිමි කළ රාජ්‍යයක් බවට පත් කිරීමට
හැකියාවක් නැත.
මෙම අධ්‍යයන
පත්‍රිකාව එළිදකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී අති
පොදුජන අයිතය වෙනුවෙනි. එහිදී පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බැදුම්කර
වාර්තාව සිංහලෙන් නැතිව පවත්වන පාර්ලිමේන්තු විවාදයක් ඵලදායකද? එය පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයන්ගේ සහ ජනතාවගේ තොරතුre දැන ගැනීමේ අයිතිය
ආරක්ෂා කිරීමක්ද? යන්න මනසින් වටහා ගැනීමට මෙය උදව් වනු ඇත.
මෙහි පහත
දැක්වෙන්නේ බැදුම්කර වාර්තාව සිංහල භාෂාවෙන් නොමැතිව වුවත් පාර්ලිමේන්තු විවාදයක්
පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ ආකාරයයි.
ඉංදියාට මිනිස්සුන්ට වඩා ලංකාවේ ජනතාව ඒ අතින් ඉදිරියෙන් ඉන්නව
ReplyDelete