Skip to main content

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල්ලා සිටීම අසාර්ථක වුවහොත් විශාල නඩු ගාස්තුවක් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීම සිදු විය හැකියි.....!

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පෙත්සම්කරුට විවෘත අධිකරණයේදී කියයි.


2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13  දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගුකරමින් තීන්දු ලබා දී ඇත. එකී තීන්දු ජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඒ සමග කියවනු ලබන ජනතාවගේ ව්‍යවස්ථාදාය, අධිකරණ සහ ඡන්ද බලය සම්බන්ධව ඉතා වැදගත් තීන්දු වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු සදහා සහභාගීවීමට එම තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන රජය මගින් ලබා ගැනීම සදහා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ගොනු කළ මෝසමේ කරුණු දැක්වීමට 2019 ජනවාරි 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසුරුරු ඉදිරියේ කැදවන ලදී.

නඩුව කැදවූ අවස්ථාවේදී නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල්ලීමේ කරුණු දැක්වීම අසාර්ථක වුවහොත් විශාල නඩු ගාස්තුවක් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමටත් තීරණය කරන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රකාශ කරන ලදී.

ඒ අවස්ථාවේ පෙත්සම්කරු ඇමතූ විනිසුරු විජිත මලල්ගොඩ දක්වා සිටියේ තමන් අභියාචනාධිකරණයේ සභාපතිව සිටියදී ඉංග්‍රීසි භාෂාවෙන් වන නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට උත්සාහ කළද ඒවා අසාර්ථක වී ඇති බවත් මෙවැනි ඉල්ලීම් මගින් අධිකරණ කටයුතු අවුල්වන බවත් දෙමළ ජනතාවද මේ ආකාරයට ඉල්ලීම් කිරීමෙන් ප්‍රශ්න ඇති වන බවත් ය. 

ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇමතූ පෙත්සම්කරු දක්වා සිටියේ තමන්ට විදින්නට වන අමිහිරි තත්ත්වය නොව නීතිය නොදැනීම සමාවට කරුණක් නොවී තිබියදී කිහිප දෙනෙකුට පමණක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට සහභාගීවිය හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දීම නිවැරදි නොවන බවත් අවම තරමේ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන තින්දු වල පරිවර්තන රාජ්‍ය භාෂාවෙන්, ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂවෙන් සහ අධිකරණ භාෂාවෙන් ලබාදීම කළ යුතු බවත් එසේ නොදීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, කිසිම පුරවැසියකු භාෂාව මත වෙනස්කමකට ලක් නොවිය යුතු වීම,  භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස සමාගමයේ නිදහස එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවත් ඒ අනුව තමන්ට මෙම ඉල්ලීම මගින් තමන්ට පුද්ගලිකව අවාසි සහගත තත්ත්වයක් ඇති වුවත් මෙම ඉල්ලීමේ නීත්‍යානුකූලත්වය සහ අවශ්‍යතාවය සම්බන්ධව කරුණු තහවුරු කිරිමට අදහස් කරන බවත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කටයුතු කරන අයගේ පමණක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට ක්‍රියා කිරීම සුදුසු නොවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව පෙත්සම්කරු විසින් 2018.11.12 දින පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සමට සමගාමීව තවත් පෙත්සම් කිහිපයක්ද ගොනු කර තිබූ අතර ඒ සියලු පෙත්සම් විනිසුරුරු 07 දෙනෙකුගේ විනිශ්චය පීඨයක් ඉදිරියේ කැදවා තිබූ අතර එම පෙත්සම්වල තීරණය දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිදවැටෙන ආකාරයට කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවටද පෙත්සම්කරු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි. පෙත්සම්කරුගේ මුල් පෙත්සමේ අයද ඇති සහන මේ වන විටත් ලබා දී ඇති නමුත් තමන්ගේ පෙත්සම් සදහා එකී තීන්දු අදාල කිරීමක් කර නැති හෙයින් ඒ සම්බන්ධව සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට ඉදිරියේදී ක්‍රියා කරන බවත් එයට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බවට 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට උත්සාහ කිරීම මත තමන්ට එරෙහිව කවර අප්‍රසන්න තත්ත්වයක් ඇති වුවද එය නොතකා කරුණු තහවුරු කිරීම සිදුකරන බව පෙත්සම්කරු සිය ඉල්ලීමේ කරුණු දක්වමින් කියා සිටින ලදී.

ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් නොවන බවත්, ඉංග්‍රීසි භාෂාව නඩු කටයුතු පවත්වාගෙන යාම සදහා අධිකරණ ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් අවසර දුන් භාෂාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇති අධිකරණ තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන රජය විසින් ලබා දිය යුතු බවත් ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සළසා ඇති බවත් පෙත්සම්කරු කියා සිටින ලදී.

ඒ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නෙරින් පුල්ලේ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට සහභාගීවීමට ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට පමණක් රජය විසින් පරිවර්තන පහසුකම ලබා දෙන බවත් පෙත්සම්කරුට අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ඇති බවත් ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් විභාගකරන නඩු කටයුතුවලට සහභාගීවීමට සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීම නොකළ යුතු බවයි.

සියලු කරුණුවලට සවන්දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කර තීන්දුව ලබා දෙන දිනය දෙපාර්ශයටම දැනුම් දී ලබා දෙන බවට දක්වන ලදී.

පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පෙත්සම වෙනුවෙන් තමන්ම පෙනීසිට කරුණු දක්වන ලදී.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...