Skip to main content

නීතිය මත පාලනයෙන් පොදු ජනතාව බැහැර කරන ඉංග්‍රීසි අන්තවාදය ගෝලීය ත්‍රස්තවාදය (බටහිර සහ මැදපෙරදිග ත්‍රස්තවාදය) පොෂණය කරයිද?

රාජ්‍යයක් තුළින් ක්‍රියා කරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වුවත්, ප්‍රසිද්ධියේ සාදන ලද, අනාගතයේ බලපවත්වන සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැදී සිටිය යුතු බව සහ ඒවායේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බව නීතිය මත පාලනය සම්බන්ධ අපරදිග දර්ශනයයි.....

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බව(Ignorantia juris non excusat) පිළිගත් නීති සිද්ධාන්තයකි. එමෙන්ම තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතියද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැනවින් ආරක්ෂාකර දී ඇති අයිතියකි. සාධාරණ නඩු විභාගයකදී දෙපාර්ශවයටම එනම් පක්ෂ-විපක්ෂ හෝ පැමිණිල්ල-විත්තිය හෝ පෙත්සම්කරු-වගඋත්තරකරු හෝ පැමිණිල්ල-චූදිත යන දෙපාර්ශවයටම අධිකරණය ඇහුම්කන් දී සිය තීරණය ලබා දෙයි.

තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතියවර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.3, 1, 121, 126, 157 අ. 4 ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර දී . අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ව්‍යස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති සමාජයේ බලවත් තැනැත්තන් විසින් සිදුකරන නීතියෙන් තමන්ට පැවරී ඇති යුතුකම් නොසලකා හරින හෝ නොකර හරින හෝ නොපිළදින හෝ කඩකරන වැරදි ක්‍රියා පාලනයට ඇති විශේෂ නීතිමය ප්‍රතිපාදන වේ.

2019 අප්‍රේල් 21 සිදුකරන ලද කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ සුපිරි භෝජනාගාරවල සිදුවූ මරාගෙන මැරෙ බෝම්බ පිපිරවීම් ආශ්‍රිත මනුශ්‍ය ඝාතන සම්බන්ධයෙන් මෙම නීතිමය තත්ත්වය මැනවින් ප්‍රයෝජනයට ගැනීමට ඕනෑම තැනැත්තෙකුට හැකියාව තිබුණද ලංකාවේ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය දුක්ඛිත තත්ත්වය හමුවේ නීතිය මත පාලනය දැඩි අර්බුදයකට ගොස් ඇත.

පෙරදිග චින්තනය මගින් පරිණාමය වූ වර්ෂ 2500 ක් ඉක්මවන ඉතිහාසයකට උරුමකම් කියන ලාංකීය ශිෂ්ටාචාරය, 1505 දී යටත් විජිතකරණයට හසුවීමත් සමගම බටහිර චින්තනය මගින් පෙරදිග චින්තනය යටපත් කර පාලනය කරන බවට ප්‍රබල සමාජ මතයක් පවතී.

ප්‍රංශය , ජපානය , කොරියාව , රුසියාව , චීනය , ඇමරිකාව , ඉතාලිය , සෞදිඅරාබිය ආදි රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකර දී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය , නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගින් ය .

රටේ උපන් පුරවැසියන්ගේ භාෂාවෙන් අධිකරණ කටයුතු සිදුකිරීම සංවර්ධනය වූ රටවල ලක්ෂණයක් පමණක් බව ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව කල්පනා කරයි. එසේ කල්පනා කරන ලෙස විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පාලන ආයතනවල ප්‍රධානීන් ජනතාව පෙළඹවයි. දූෂණය සහ නාස්තිය මේ සමගම ඉහළ යන බවත් අපරාධකරුවන් නීතියේ රැහැණින් මිදී යාමත් මේ සමගම සිදුවන බව ඔවුන් ජනතාවගෙන් සගවයි.

නෛතික සාක්ෂරතාවය ජනතාවගෙ නිදහස සහ ජනතාවගේ අභිමානය සමග තදින් බැදී පවතී.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බවදත් නෛතික දැනුම ඇත්තෝ තමන්ට අනාගතයේ විදින්නට වන පාඩු, අලාභ සහ අපහසුතා කළින්ම දැන සිටිති. පොලීසියට කරන පැමිණිල්ලට අදාල අංකය වැදගත් බව පැමිණිල්ල කරන අවස්ථාවේම දැන සිටිති. ඒ නිසා ඔවුහු පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ලබා දෙන 1බී පත්‍රකාව ආරක්ෂා කර ගනී.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බවනොදත්තෝ සෑම අවස්ථාවකම බියෙන්, චකිතයෙන්, බලවතුන් මත යැපෙමින් වහල් දිවියකට සමාන දිවියක් ගත කරති.

නීතිය මත පාලනයෙන් පොදු ජනතාව බැද තබන ප්‍රධාන මෙවෙලම භාෂාව වන අතර නීතිය ජනතාව අවබෝධ කර ගැනීමෙන් නීතිය මත පාලනය ශක්තිමත් වේ. ලංකාව වැනි යටත් විජිත රටවල නීතිය ක්‍රියාත්මක වන්නේ සහ බලාධාරී අධිකරණ තීරණ බිහිවන්නේ ලංකාවේ පොදු ජනතාවගේ භාෂාවෙන් නොව්. එංගලන්තයේ පොදු ජනතාවගේ භාෂාව ඉංග්‍රීසි හෙයින් එංගලන්තයේ නීතිය ක්‍රියාත්මක වන්නේ සහ බලාධාරී අධිකරණ තීරණ බිහිවන්නේ ඉංග්‍රීසියෙන් වීම හේතුවෙන් එංගලන්තයේ නීතිය මත පාලනයෙන් පොදු ජනතාව දුරස්ථ කර නැත. ප්‍රංශය , ජපානය , කොරියාව , රුසියාව , චීනය , ඇමරිකාව , ඉතාලිය , සෞදිඅරාබිය ආදි රටවල නීතිය ක්‍රියාත්මක වන්නේ සහ බලාධාරී අධිකරණ තීරණ බිහිවන්නේ ඒ රටවල පොදු ජනතාවගේ භාෂාවෙන් හෙයින් එම රටවලද පොදු ජනතාව නීතිය මත පාලනයෙන් දුරස්ථ නොකරයි.

නීතිය මත පාලනයෙන් ජනතාව දුරස්ථ නොකිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආරක්ෂාවට, රටේ සංවර්ධනයට, දළ ජාතික නිෂ්පාදනයට, සංචාරක කර්මාන්තයට, විදේශීය වෙළදාමට, අධ්‍යාපනයට, නව නිර්මාණ බිහිවීමට හිතකර වන අතර නීතිය මත පාලනයෙන් ජනතාව දුරස්ථ කිරීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආරක්ෂාවට, රටේ සංවර්ධනයට, දළ ජාතික නිෂ්පාදනයට, සංචාරක කර්මාන්තයට, විදේශීය වෙළදාමට, අධ්‍යාපනයට, නව නිර්මාණ බිහිවීමට අහිතකර තත්ත්වයන් ඇති වේ.

ලංකාව, ඉංදියාව, පකිස්ථානය වැනි රටවල ඇති වී තිබෙන ත්‍රස්තවාදය සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් සැළකීමේදී ඒ රටවල  නීතිය ක්‍රියාත්මක වන්නේ සහ බලාධාරී අධිකරණ තීරණ බිහිවන්නේ ඒ රටවල පොදු ජනතාවගේ භාෂාවෙන් නොවේ. පොදු ජනතාවගේ භාෂාවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහ බලාධාරී අධිකරණ තීරණ ලබා දීමට එම රටවලට අවස්ථාව නැත්තේ  විවිධ ජාතීන්, විවිධ ආගම් ඒ රටවල පවතින හෙයින් බවට ඇතැම් අය තර්ක ඉදිරිපත් කරති. එය සළකා බැලිය යුතු ප්‍රභල තර්කයක් ලෙස සැළකිය හැකි වුවත් එංගලන්තයේ යටත් විජිතයක් නොවූයේ නම් ඉංග්‍රීසි භාෂාව ඒ රටවල නීතිය ක්‍රියාත්මක වීමට සහ බලධාරී අධිකරණ තීරණ සදහා ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නේද යන්නත් විමසිය යුතුය.

වසර දහස් ගණනක සංස්කෘතියකට උරුමකම් කියන පෙරදිග ජනතාව යටත් විජිත කරණයත් සමග තමන්ගේ උරුම සංස්කෘතිය වෙනුවට බටහිර සංස්කෘතිය ආදේශ කර ගන්නට විය. සංස්කෘතිය සහ පරිසරය එකිනෙක තදින් බැදී ඇති හෙයින් මේ සංස්කෘතීන් අතිපිහිත එකම් එකා මත එකා පිහිටීමට නොහැකි බවත් පාරිසරික සාධක මගින් සංස්කෘතික හුවමාරුවීම් පවත්වාගෙන යා නොහැකි බව මේ අධිකාරීන්ට අවබෝධයක් නැත.

සෘතු භේදය පවතින රටවල සංස්කෘතීන් සහ පරිසරය සහ පරිණාමය, සමකයට ආසන්න රටවල ආසියාතික රටවල සංස්කෘතින් සහ පරිසරය සහ පරිණාමය සමග ස්වාභාවික ගැටීම් ඇති කරන බව ලංකාව වැනි යටත්විජිත රටවල ජනතාව අතර ඇත්තේ අඩු  වැටහීමකි.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.......   

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col)
විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...