Skip to main content

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?
ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය නීති, රෙගුලසි, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත,2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුලු පනත් මගින්ද, ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කිරීමේ චාරිත්‍ර සහ නීති අනුවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සම්ප්‍රදායන් අනුවද ඒවා පාලනය වෙයි. ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ලෙස මූල්‍ය අර්බුදයලයකට ලක්වී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගත් ජනාධිපතිවරයෙකු ජනතවගේ විශාල කණ්ඩායමකගේ විරෝධතා මත ධූර අත් හරිනු ලැබූ අතර, අගමැතිවරයෙකු ඉවත් කරවනුද ලැබීය. එවන් තත්ත්වයක් යටතේ සහ නීතියේ පාලනයේ මූලිකාංගයක් වන සහ ස්වභාවික යුක්ති මූලධර්මයක් වන "යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බව පෙනෙන්නට පැවතිය යුතුය" යන්නට ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ලබා ගැනීම සම්බන්ධ අදාල කාරණාවේදී ප්‍රමුඛත්වය ලබා දීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න, සභාපති ධූරයට තරග වැදීමට නියමිත ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ නුවන් ද අල්විස් සහ නීතීඥ රශ්මි ඉන්දතිස්ස විසින් ජපානයේ 'ජයිකා' ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් කෝටි 2ක මුදලෙන් කොටසක් සැකසහිතව ලබාගෙන ඇති අය බවට පුවත්පත් පවා වාර්තා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට අගවිනිසුරුවරයාටද, අදාල නෛතික ආයතනවලටද පැමිණිලි ලැබි තිබිය හැකිය. මේ සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පත්කර ඇති ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා, අලගරත්නම් මහතා සහ විමර්ශනයට ලක්වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ නුවන් ද අල්විස්, නීතීඥ රශ්මි ඉන්දතිස්ස අතර කාලයක් තිස්සේ සුවිශේෂී පුද්ගලික සම්බන්ධතා නොපවතින බවට පිළිගත හැකි නොවේ. මෙම ගනුදෙනුව දූෂණ විරෝධයට අදාල ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකට සම්බන්ධ සහ ජනතාවට සෘජුව බලපාන හෙයින්, දීර්ඝ කාලයක් සුවිශේෂී පුද්ගලික සම්බන්ධතා පවතින තැනැත්තන් විමර්ශන කමිටුවලට පත්වීමෙන් සහ එහි ස්වභාවය අනුව එකි විමර්ශනයම සැකයට ලක්වන, අපක්ෂපාතී නොවන තත්ත්වයට පත්වන අතර එකී විමර්ශන කමිටුවේ සාමාජිකයන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතාගේ, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතාගේ,ඉක්‍රම් මොහොමඩ් මහතාගේ, අර්සකුලරත්න මහතාගේ සහ අලගරත්නම් මහතාගේ ස්වාධීනත්වයට, කීර්තියට සහ ගෞරවයටද අහිතකර තත්ත්වයක් ඇති වෙයි. එවන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පුරවැසියන්ගේ යුතුකමකි. මෙවැනි විමර්ශනයක් කිරීමට සූදුසු ස්වාධීන, කුසලතා ඇති තැනැත්තන් මෙරට ඇත. ඉහත කාරණා සැලකීමේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වීම යුතුකමක් වෙයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.05.24)

Comments

  1. මෙහි නීතියේ පාලනය යන්න Rule of Law යන ඉංගිරිසි යෙදුමේ පරිවර්තනය නිවැරැදි නොවේ. එය "නීතියේ ආධිපත්‍යය" ලෙස නිවැරැදි විය යුතු ය. පංච පුද්ගල ජනාධිපති නීතිඥ කමිටුවට මෙම කාර්යය නිසි ලෙස කිරීමේ හැකියාව ඇති බව මගේ විශ්වාස යයි. යම් හෙයකින් ඔවුන් නිවැරැදි ලෙස කටයුතු නොකළ හොත් මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳිය යුතු බරපතල අර්බුදකාරී කරුණක් වනු ඇත.

    ReplyDelete
  2. It is utterly disappointing the way we get justice and how they destroy
    Sovereignty if the people.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...