Skip to main content
නොමිලේ පවත්වන පැය 80ක සිංහල මාධ්‍ය 2වන නීති අධ්‍යයන වැඩසටහන




නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.

ගාස්තු අයකිරීමකින් තොරව පවත්වන (සැගවුණ ගාස්තු නැත)

පැය 80ක සිංහල මාධ්‍ය - නීති අධ්‍යයන වැඩසටහන

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

සහභාගීවිය හැක්කේ කාටද?

භික්ෂූන් වහන්සේලාට, ගුරුවරුන්ට - රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට-විශ්‍රාමිකයන්ට - පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට - උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට - විශ්ව විද්‍යාල සිසුන් ට ව්යෙඅවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය.

ආසන සීමිතයි. මුලින් ඉල්ලුම් කරන්න

ආරම්භක දිනය
2019 අගෝස්තු 24

ඉල්ලුම් කළ හැකි අවසන් දිනය
2019 ජූලි 31

විෂය අන්තර්ගතය - වෙනස් විය හැක

නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
නීතිය සහ ආගම
විධායකය - ව්යෙඅවස්ථාදායකය - අධිකරණය
නීති මූලාශ්‍ර
දණ්ඩ නීති සංග්‍රහය - පුරාවස්තු ආඥා පනත (1940/09)
අපරාධ නඩු විධාන සංග්‍රහය
සිවිල් නඩු විධාන සංග්‍රහය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඉඩම් සහ දේපළ නීතිය සහ ඔප්පු
බුද්ධිමය දේපළ
ව්‍යාපාර සම්බන්ධ නීතිය
රථවාහන සම්බන්ධ නීතිය
කම්කරු නීතිය
සාක්ෂි නීතිය සහ විශේෂඥ සාක්ෂි
දිව්රුම් ප්‍රකාශ
විවාහය සහ දික්කසාද නීතිය
මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්
පාරිභෝගික අයිතිය සහ තොරතුරු දැනගැනීම සම්බන්ධ නීතිය
අන්තිම කැමති පත්‍ර
මහජන පීඩා - 66 වගන්තිය යටතේ නඩු
පොලීසිය - අතඩංගුවට ගැනීම - බන්ධනාගාර - ඇප
අභියාචනා - ප්‍රතිශෝධන - අභියාචනා අවසර ඉල්ලීම්
මැතිවරණ සහ ඡන්ද බලය සහ ජනමතවිචාරණය
කාලාවරොධය - වංචා වැළක්වීම
වනජීවී සහ වෘක්ෂලතා නීතිය
ශ්‍රේෂ්ඨාධිකරණ රීති - උපරිමාධිකරණවල නඩු පැවරීම
පනත් සම්මත කිරීම සහ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග

කිරීම ඇතුලු ජීවිතයට වැදගත්වන නීතියේ භාවිතය සහ යෙදීම් 

සාර්ථකව සහභාගීවන අයට කුසලාන සහ කුසලතා සහතික

සහභාගී වන්නේ කෙසේද?
මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගීවීම සදහා නම, ලිපිනය, වර්තමාන තත්ත්වය, දුරකථන අංකය සඳහන් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් 2019.07.31 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)

විමසීම - අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතිඥ
දුරකථන 0342256066, 0342256067, 0712063394
විද්‍යුත් arunaunawatuna@gmail.com

2019.05.04 දින පවත්වනු ලැබූ 1වන නීති අධ්‍යයන වැඩසටහනේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා 2019.05.05 දින දවල් 12.00 ප්‍රවෘත්ති (ITN) බලන්න...

යොමුව

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...