ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....!
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....! ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් ජනාධිපතිවරයාට ලබා දීමට අත්සන් එකතු කිරීමේ ආරම්භක උත්සවය ජූනි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී. “ නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ ” යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතු වේ. ශ්‍රී ලංකාවේ පාලන ආයතන 3 අතරින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන්ද ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වුවත් අනෙක් පාලන ආයතනයේ ඉහළම ආයතන වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ගන්නා තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙන හෙයින් බහුතර සිංහල ජනතාවට ඒවා සන්නිවේදනය නොවන බවට සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් රටේ බහුතරයක් වූ සිංහල ජනතාවද දැන ගත යුතු බවට විව...