Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලීම 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම ජනතාව මගින් නැවත පාර්ලිමේන්තුවට තෝරා ගැනීමටද ?


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා   19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලීම 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම ජනතාව මගින් නැවත පාර්ලිමේන්තුවට තෝරා ගැනීමටද ?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන (2020.03.06)


මේ ලිපිය ලියා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලන්නේ 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යවන්නද? යන පැනයට පිළිතුරු සෙවීමට ඡන්ද දායකයන්ට පහසු කිරීමටය.

(මෙම ලේඛකයා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ජනාධිපති වෙත විරෝධතාවය ප්‍රකාශ කර සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා වෙත පිටපත් සහිතව 2020 මාර්තු 03වන දින දැනුම් දීම කර ඇත)

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ඉන් ප්‍රයත්න දරා තිබුණි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධනකර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ එය පළ කර ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ මුල් පිටුව මෙසේය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හදුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි)වඩුගොඩුපිටිය (වි)බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එම විනිසුරු 07 දෙනාගේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුවරු 7 දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් ඒකමතිකව තීරණය කර ඇත.

එනම් 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ  වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකය ලැබීමෙන් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ ඒකමතික තීරණය අනුව පැහැදිලිය.

ඒ අනුව 2002දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඉදිරි පියවර එනම් පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට කටයුතු නොකළ අතර එකී 19වන ව්‍යවස්ථා සංශෝධනය එතනින් අවසන් විය.

තත්ත්වය එසේ තිබියදී නැවත 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් නැවත වර්ෂ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ අවස්ථාවේදී එසේ ඉදිරිපත් කරනු ලැබූයේ අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදනආර්ථික කටයුතුළමාතරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) මගින්ය.

2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ මුල් පිටුව මෙසේය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමට නියම කළ දිනයෙන් වසර 4 ½ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය තවත් විධිවිධාන 16ක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වර්ෂ 2015 දී   අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදනආර්ථික කටයුතුළමාතරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එකී දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 3කු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල වූ විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු 3දෙනා විසින් පාර්ල්මේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවර වර කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට කථානායකවරයා පියවර ගෙන ඇත. (මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර විය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට කථානායකවරයා ක්‍රියා කිරීම බලවත් දෝෂයකි.)

මෙය සැළකිල්ලෙන් අවධානයට යොමු කිරීමේදී පාර්ලිමේන්තුව විසින් 2015 දී 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව කටයුතු කර ඇත්තේ  2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බවත් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07කු විසින් ජනමතවිචාරණයක් සදහා යොමු කළ විධිවිධානයට 2015 දී කථානායකවරයා විසින් නොසැළකිල්ලෙන්/ අනවධානයෙන්/අනවබෝධයෙන්/ නොමග ගොස් 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා ඇති බව පැහැදිලිය. එය වඩාත් තහවුරු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලුවිහාර (වි), සිසිර ආබෲ(වි) ප්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප්‍රසන්න ජයවර්ධන (වි)  සහ මෘදු ප්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවෙන් අවලංගු කිරීමත් සමගය. එනම් එකී නඩු තීන්දුව මගින් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33.2.ඇ ව්‍යවස්ථාවේ දැක්වෙන පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට ඇති බලය 70 ව්‍යවස්ථාවට යටත්ව පවතින බව තීරණය කිරීමත් සමගය. ඒ අනුව 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2015 දී පාර්ලිමේන්තුවට ගෙන 2වන වරට ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය යොදන අවස්ථාව සමග එකට ගෙන කියවීමේදී කථානායකවරයා සිය සහතිකය යොදා ඇත්තේ 2002 දී මුල්වරට ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් වේ.

නීතියට පටහැනි 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යොදා ගැනීමට හේතුවෙන් නව අර්බුදයක් මතු වීම සහ 19ය ඉවත් කිරීමට 2/3ක අවශ්‍යතාවය අවධාරණය කරමින් 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යාමේ සැළසුම ක්‍රියාත්මක කිරීම

නීතියට පටහැනිව, ශේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නීතියක් ලෙස ක්‍රියාත්මක කරගෙන යන 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධව නැවත අර්බුදයක් හටගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපත් ලේකම් මගින් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 33(2)ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගැනීමත් සමගය.

2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින්  79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වෙමින් කථානායකවරයා වැරදියට සහතිකය යොදා ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුගතවී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග (නීතියක් නොවූ) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තමන්ගේ පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවන තර්කය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ උපදේශකයන්ගේ අදහස විය හැකි වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඡන්දය දුන් මන්ත්‍රීවරු නැවත පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරා ගන්නේද යන්න ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.









Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...