Skip to main content

19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක 19යට සහතිකය යෙදීමේදී කළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවේ....!


19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක 19යට සහතිකය යෙදීමේදී කළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවේ....!




මාර්තු 15 දිවයින ඉරිදා සංග්‍රහය 04 වැනි පිටුවේ ඇති වෛද්‍ය වසන්ත බණ්ඩාර ලියා ඇති "19ට දැන් කළ යුතු දේ" ලිපිය මගින් 19යේ ව්‍යවස්ථා විරෝධීබව සම්බන්ධයෙන් වන විද්වත් සාකච්ඡාවට හොද පදනමක් සපයා දී ඇත.

"19ට දැන් කළ යුතු දේ" ලිපිය ලිවීමේදී එම වෛද්‍යවරයාට පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනසත්, සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.2 ව්‍යවස්ථාවත් නොපෙනුනේ ඇයි? යන්න ඒ ලිපිය කියවූ අවස්ථාවේ ඇතැම් පාඨකයන්ට සිතෙන්නට ඉඩ ඇත්තේ එම  වෛද්‍යවරයාට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරයෙකු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ප්‍රකාශ කර ඇති ආකාරට "ප්‍රකාශන නීතිය" අනුව යමින් 19 යට දැන් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එය ඉවත් කිරීමට ක්‍රියා කිරීම බවට හැගෙන ලෙස අදහස් දක්වා තිබීම හේතුවෙනි.

විශේෂයෙන් එම වෛද්‍යවරයා ජාතික සංවිධාන නියෝජනය කරන්නෙකු වීමත්, 19යට දැන් කළ යුතු දේ පිළිබද එකී අදහස ජාතික සංවිධානවල අදහසම වීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි වීමත් මත මෙම ලිපිය මගින් පෙන්වා දෙන කාරණා 19යේ අවුල විසදා ගැනීමට ජනාධිපතිවරයාටත්, ජනතාවටත්, කථානායකවරයාටත් සහායක් ලබා දෙනු ඇත.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් වීම යන්නෙහි වෙනස, පනත් කෙටුම්පතක් නීතියක් වීමට පෙර කථානායකවරයා අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය 80.2 ව්‍යවස්ථාව, 19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක සිදුකළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවන බවත්, 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති නමුත් තවමත් නීතියක් වී නැති 19ය නීතියක් කළ යුත්තේනම් එය නීතියක් කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කිරීම මෙම ලිපිය මගින් අපේක්ෂා කරයි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින් "19යට දැන් කළ යුතු දේ" මැයෙන්වන ලිපිය ලියා ඇත්තේ එකී කාරණා පිළිබද අවධානය යොමු නොකර බව ලියුම්කරුගේ අදහසයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර ඡේද 13ක් වූ සිය ලිපිය මගින් ලියුම්කරු විසින් මාර්තු 08 දිවයින ඉරිදා සංග්‍රහය 14 පිටුවේ ඇති "19 නොපෙනෙන ඇත්ත" ලිපියේ දක්වා ඇති 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙකු විසින් ලබා දුන් ඒකමතික තිරණයට පටහැනිව 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය වැරදියට යොදා ඇති බව සම්බන්ධයෙන් පටහැනි අදහසක් ඉදිරිපත් කර නැති බවත්, ලියුම්කරු සහ වෛද්‍යවරයා ඒ කාරණා සම්බන්ධයෙන් එක් ස්ථාවරයක පිහිටා ඇති බවත් පෙනේ.එසේ වුවත් ඔහු වරදවාගෙන ඇත්තේ එසේ කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදාගෙන බලහත්කාරයෙන්, සදාචාර විරෝධීව ක්‍රියාත්මක කරගෙන යන 19යට දැන් කළ යුතු දේ කවරක්ද? යන්න සම්බන්ධයෙන් සිය නිර්දේශය ඉදිරිපත් කිරීමේදී බව ලියුම්කරුගේ අදහසයි.

මෙම ලියුම්කරු ලියන ලද "19 නොපෙනෙන ඇත්ත" ලිපියෙන් 19යේ ව්‍යවස්ථානුකූල වරද එළිදරව්කළද, එම වරද නිවැරදි කිරීමට අදාල ව්‍යවස්ථානුකූල ප්‍රතිකර්මය සිය ලිපියෙන් ලියා දක්වා නොතිබුණි. ඒ අඩුව හේතුවෙන් ජාතික සංවිධාන නියෝජනය කරන වෛද්‍යවරයා සුපුරුදු පරිදිම එංගලන්තයේ නීති සම්ප්‍රදාය ඇසුරෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රාජා වනසුන්දර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට කළේ යැයි කියූ ප්‍රකාශයක් අනුව යමින් ප්‍රකාශන නීතියේ ඇසුරුකරමින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 19 ඉවත කළ හැකි බවට  නිර්දේශයකට එළඹී ඇති බව පෙනීයයි.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනස....

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පත නීතියක් වීම අවස්ථා 2කදී සිදු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පෙන්වා දිය හැකිය. එනම් 79වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් සම්මත කිරීම සම්බන්ධයෙන් ද 80වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් නීතියක් වීම සම්බන්ධයෙන් ද අදාල වේ. වැඩි දුරටත් පැහැදිලි කළහොත් පනත් කෙටුම්පතක් සම්මත කිරීමේදී කථානායකවරයාගේ වගකීම එනම් ස්වකීය අත්සන ඇතිව සහතිකයකින් සටහන යෙදීම ඇතුළු සහතිකයේ සදහන්විය යුතු කාරණා 79වන ව්‍යවස්ථාවේ දක්වා ඇති අතර කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත මත අත්සන සහිත සටහන යෙදූ පසු පනත් කෙටුම්පත නීතියක් බවට පත්වන ආකාරය 80වන ව්‍යවස්ථාවේ දැක්වේ.

සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය....

පනත් කෙටුම්පතක් සම්මත වූ පසු ඒ බවට කථානායකවරයා සිය අත්සන සහිත සටහනක් මගින් පනත් කෙටුම්පතේ දැක්විය යුතු ආකාරය 79වන ව්‍යවස්ථාවේ දැක්වේ. සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත වීම, විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වීම, ජනමත විචාරණයකට යොමුකළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3ක ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පතක් ආදී අවස්ථාවකදී කථානායකවරයා සිය අත්සන ඇතිව සහතිකයකින් සටහන තැබිය යුත්තේ කෙසේද යන්න 79 වන ව්‍යවස්ථාවේ පැහැදිලි කරයි.

ජනමත විචාරණයකට යා යුතු බවට නියම කර ඇති විධිවිධානයක් හෝ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වී ඇති අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවද ඒ සහතිකයේ සදහන් විය යුතු බව 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයේ දක්වා ඇත.

ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයා වළක්වන විධිවිධානය (මෙම විධිවිධානය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙකු ඒකමතිකව තීරණය (Determination) කර තිබුණි) 2015 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇති හෙයින් එකී විධිවිධාන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වූ අවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව "ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට" වන සහතිකයක් එවකට සිටි කථානායකවරයා විසින් යෙදිය යුතුව තිබුණි.

79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව කථානයකවරයා 2015 පාර්ලිමේන්තුවට ගෙන ආ 19යට සිය සහතිකය ("ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට") යොදා නැති බවත් සහ 80.2 ව්‍යවස්ථාව අනුව 19ය නීතියක් වී නැති බවත්  රට හමුවේ එළිදරව්වූයේ 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ තීන්දුව ( Judgement) සමගය.එතෙක් එනම් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තෙක්  19යේ තිබූ 33.2.(ඇ) අනුව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව ව්සුරුවිය නොහැකි වසර 4 1/2 සීමාව යටපත්වන බව ජනාධිපතිවරයාට සහ ජනතාවට සහ කථානායකවරයාට උපකල්පනය කරමින් සිටීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ උපකල්පනය වැරදි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නියම කළ ගැසට්ටුව අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් 2018.12.13 දිනැති මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් සනාථ වේ. එනම් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට අමතර බලතල ඇති 33.2.(ඇ) අනු ව්‍යවස්ථාව 70 වයවස්ථාවට යටත්ව කියවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ජනාධිපතිට හෝ ජනතාවට හෝ කථානායකවරයාට තව දුරටත් පෙර උපකල්පනවලම සිටිය හැකි නොවේ.

2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කිරීමත් සමග 2015 දී කථානායකවරයා 19ට සහතිකය යොදා අත්තේ 33.2.(ඇ) ව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාව යටපත් නොකරන අවස්ථාවකය. එනම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී කථානායකවරයා 19යට 79 ව්‍යවස්ථාට සහ 80 ව්‍යවස්ථාවට පටහැනිව සහතිකය යොදා ඇත.
ඒ අනුව 2018.12.13 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු කිරීමත් සමග එවකට ධූරය දරමින් සිටි කථානයකවරයාට කිරීමට තිබුණේ 2015 සිටි කථානායකවරයා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කරමින් එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සහතිකය යොදා එනම් "ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට" වන සහතිකය යොදා 80.2 අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට 19වන ව්‍යවස්ථා සංශෝධනය  නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමය.
එනම් 2015 සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට
80.2 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දීමෙන් පසු ජනාධිපතිගේ සහතිකය තබා නීතියක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දීමය.

2015. 12.13 ධූරය දැරූ කථානායකවරයා ඒ යුතුකම ඉටු නොකළ අතර එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ පිළිබද කථානායකවරයාගේ අවධානය යොමු කිරීමද සිදු නොකළේය.

19යට දැන් කළ යුත්තේ කුමක්ද?

2015 දී කථානායකවරයා විසින් 19යට සහතිකය යෙදීමේදී සිදු කර ඇති වැරැද්ද නිවැරදි කිරීමට තවමත් අවස්ථාව ඇත. ඒ 19 ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් නොව 19යට සහතිකය යෙදීමේදී කථානායකවරයා සිදු කර ඇති ව්‍යවස්ථානුකූල වැරැද්ද නිවැරදි කිරීමෙනි. එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුගමනය කරමින් "ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බව" ට වන සහතිකය 
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සටහනේ තබා 80.2 අනු ව්‍යවස්ථාව අනුව නීතියක් බවට පත් කිරීමට අදාල ජනමත විචාරණය සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවස්ථාව සැළසීමය.

එය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට පහසුවෙන් කළ හැකිය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.03.16

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...