ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය, ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...!දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක්….! නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි.
ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය , ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...! දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක් ….! නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ( 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කළද ) 12 . 2 සහ 12 . 3 ව්‍යවස්ථාවල ඉංග්‍රීසි පරිවර්තනයේ race යන්න දක්වා ඇති අතර වර්තමානයේ නිකුත් කරන උප්පැන්න සහතිකයේ ‘ ජාතිය ’ / race’ ලෙස දක්වා ඇත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව ‘ ජාතිය ’ / race’ යන්න පිළිගත් තත්ත්වයක් වන අතර එසේ වුවත් ජාතිය / race අනුව කිසිම තැනැත්තෙක් වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව දක්වා තිබුණද ජාතීය/ race තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද පිළිගෙන තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට පටහැනිව යෝජිත ජාතික උප්පැන්න සහතික ආකෘතියෙන් ජාතිය / race යන්න ඉවත් කර ඇති අතර ජාතිකත්වය / Nationality සහ ජනවර්ග / Ethnic Group ඇතුලත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යව...