Skip to main content

ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය, ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...!දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක්….! නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි.

ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය, ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...!දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක්….! 

නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කළද ) 12.2 සහ 12.3 ව්‍යවස්ථාවල ඉංග්‍රීසි පරිවර්තනයේ race යන්න දක්වා ඇති අතර වර්තමානයේ නිකුත් කරන උප්පැන්න සහතිකයේ ජාතිය’ /race’ ලෙස දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව ජාතිය’ /race’ යන්න පිළිගත් තත්ත්වයක් වන අතර එසේ වුවත් ජාතිය / race අනුව කිසිම තැනැත්තෙක් වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව දක්වා තිබුණද ජාතීය/ race තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද පිළිගෙන තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට පටහැනිව යෝජිත ජාතික උප්පැන්න සහතික ආකෘතියෙන් ජාතිය / race යන්න ඉවත් කර ඇති අතර ජාතිකත්වය / Nationality සහ ජනවර්ග / Ethnic Group ඇතුලත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 12.3 ව්‍යවස්ථා සංශෝධනයට ලක් නොකර ජාතිය’ /race’ යන්න උප්පැන්න සහතිකයෙන් ඉවත් කිරීමත් , 12.2 සහ 12.3 ව්‍යවස්ථාවල ඇතුළත් කර නොමැති ජනවර්ගය / Ethnic Group උප්පැන්න සහතිකයේ ඇතුළත් කිරීමත් 2019 මාර්තු දිනැති සහ අංක 2114/27දරන අති විශෙෂ ගැසට් පත්‍රය මගින් 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනතේ 8(2) වගන්තිය සමග කියවිය යුතු 24 වගන්තිය මගින් සාදන ලද නියෝගයේ දක්වා ඇති ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය මගින් සිදුකර ඇත.

යෝජිත ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය නීතියක් ලෙස බලාත්මක කර උප්පැන්න සහතික නිකුත් කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 12.3 ව්‍යවස්ථා සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව මුලු මන්ත්‍රීවරුන් 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු වන බවත් එසේ නොකර ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් උප්පැන්න සහතික නිකුත් කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තියේ විධිවිධාන අනුව වරදක් වන බවත්, ඒ සඳහා තැත්කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 490 වගන්තියේ විධිවිධාන අනුව වරදක් වන බවත් පෙන්වා දෙමින් ඒ පිළිබද විමර්ශන කර අදාල වැරදි සිදුකර ඇති සහ සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එකී පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ.


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...