Skip to main content

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉතිරි පියවර ගැනීමද?

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉතිරි පියවර ගැනීමද?

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 
2020.08.03


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවත්වාගෙන යා යුතුද? එය අහෝසි කළ යුතුද? යන්න සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් පවතී. 2020 අගෝස්තු 05වන දින පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය ලැබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 19 අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් බලා පොරොත්තු වේ.

ජනාධිපතිවරයාට සහාය දෙන 2/3 බලයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි වුණද? නැති වුවද? අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද? යන්න මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කිරීමට අදහස් කරමි.

මේ පිළිබද සාකච්ඡාව ඇති කිරීම සදහා 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 15, 16, 18 සහ 19වන වගන්ති උදාහරණයට ගත හැකිය. 

ලංකාවේ විවාහයට පත් වීමට මූලික කොන්දේසි 3ක් සපුරාලිය යුතු බව එහි දැක් වේ.

ඒවා නම්..
1. අවම වයස් සීමාව. (වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම) (15 වගන්තිය)
2. තහනම් ඥාති සබඳතා නොපැවතීම. (16 වගන්තිය)
3. වලංගු පෙර විවාහයක් නොපැවතීම.(18 වගන්තිය)

ඉහත මූලික කොන්දේසි 3ට පටහැනිව විවාහයක් සිදුකරනු ලැබුවහොත් එහිදී වලංගු විවාහයක් ස්ථාපිත නොවන අතර එකී විවාහය මුල පටන්ම ශුන්‍ය සහ බල රහිත විවාහයක් වේ. 

ඉහත කොන්දේසි 3 සපුරන විවාහ පමණක් නීතිය ඉදිරියේ වලංගු විවාහ වන අතර එවැනි වලංගු විවාහ විසුරුවා හැර ගැනීම සදහා ද්වේශ සහගත අතහැරයාම, අනාචාරය සහ විවාහ වන අවස්ථාවේ පැවති ලිංගික බෙලහීනතාවය (1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 19වන වගන්තිය) මත දික්කසාදයක් (DIVORCE) මගින් විවාහය අවලංගු කර ගත හැකිය.එනම් අවම වයස් සීමාව සම්පූර්ණ කර නොතිබීම, තහනම් ඥාති සබඳතා පැවතීම හෝ වලංගු පෙර විවාහයක් පවතින අවස්ථාවක අයෙක් විවාහයකට ඇතුළත් වී තිබෙන විට එය වලංගු විවාහයක් නොවන අතර, එවැනි විවාහ අවලංගු කිරීම සදහා දික්කසාද නඩු පැවරිය නොහැකිය.

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද? යන්න නීතිමය ලෙස පැහැදිලි කිරීම සදහා ඉහත උදාහරණය කදිමට සැසදේ.

පාර්ලිමේන්තුව යථා පරිදි සම්මත කර ඇති නීතියක් ඉවත් කළ යුත්තේ අදාල කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙනි.

එනම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කර ඇති පනත් කෙටුම්පතක් එවැනි ම වූ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් අවලංගු කරගත හැකිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරන පනත් කෙටුම්පතක් එවැනිම වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් අවලංගු කර ගත හැකිය. 

අදාල පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු ද? තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු ද? එසේ නොමැති නම් තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් ද අනුමත විය යුතු ද යන්න තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. ඒ අදාල කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධ පරීක්ෂණය කරන අවස්ථාවේ තීරණය ලබා දෙමිනි.

පනත් කෙටුම්පතක් නීතියක් වන්නේ කෙසේ ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇත. 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කර ජනතාව විසින් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු යැයි දක්වා ඇති විධිවිධානයක්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත කර ඇති විට එය කිසිසේත් නීතියක් බවට පත් නොවේ. නීතියක් බවට පත් වී නැති පනත් කෙටුම්පතක් ඉවත් කිරීමට හැකියාවක් නැත්තේ ප්‍රතිපාන ඇත්තේ නීතියක් ඉවත් කිරීමට පමණක් වන හෙයිනි. 

එනම් මෙම ලිපියේ ආරම්භයේ දී සාකච්ඡාවට ලක් කළ වලංගු විවාහයක් සඳහා පමණක් දික්කසාදයක් ලබාගත හැකි අතර, වලංගු විවාහයක් නැති අවස්ථාවක දික්කසාදයක් ලබා ගත නොහැකි බවත්ය .

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් වී නැති බව...

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් වී නැති බවට නීතිඥයන් ඇතුලුව සමාජ කතිකාවක් පවතී. එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවද ආණ්ඩුක්‍රම නීති ලේඛකයන් අදහස් දක්වා ඇත. 
 
'දිවයින ඉරිදා සංග්‍රහය' ඇතුලු 'ලංකා වෙබ්', 'ලංකා ලීඩ් නිව්ස්', 'ලංකා බෙබ් ටුඩේ', 'නීතියඑල්කේ' වැනි වෙබ් අඩවි මගින් මේ පිළිබදව ජනතාව දැනුවත් කරමින් ලිපි ප්‍රසිද්ධ කර ඇත.

මෙම ලිපිය කියවන පාඨකයන්ගේ පහසුව සදහා එකී වෙබ් අඩවිවල අදාල ලිපි සදහා
සැබැදියන් පහත දක්වා ඇත.

19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක්. එය තවමත් නීතියක් වී නෑ…! නීතිඥවරයෙක්ගෙන් ජනාධිපතිට ඉල්ලීමක්.....!

http://www.lankaweb.com/news/items/2020/01/24/19%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%82%e0%b6%9c/

* 19 ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය කළ අයට දඬුවම් කරන්න... !
https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41

19 නොපෙනෙන ඇත්ත...
https://divaina.com/sunday/index.php/deshapalana2/13532-2020-02-28-03-11-134

How the Speaker deprived the franchise of judges, lawyers, university lecturers, teachers, public servants, journalists and other citizens in 2015, which was secured by the Supreme Court in 2002.* (Aruna Laksiri Unawatuna)
http://lankanewsweb.org/archives/24330

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින්,ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරාගත් 19යේ කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු....!
http://lankanewsweb.org/archives/24318

19යටත් වරදින ලකුණු!
https://www.lankaleadnews.com/?p=53508

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද?
http://lankanewsweb.org/archives/22821

19වන ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීතියක් වී නෑ…. ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක්! පාර්ලිමේන්තුවේ 2/3ක් නැතුවම 19 දොට්ට වැටේ!
http://lankanewsweb.org/archives/22497


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.
http://neethiyalk.blogspot.com/2020/05/2002-19-2015-1.html?m=1


ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......!

http://neethiyalk.blogspot.com/2020/04/19-19.html?m=1

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව දන්නා කාරණයක් විය හැකිය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි. 

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ එය පළ කර ඇත.
 
එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වන විධිවිධානය නීතියක් වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීමෙන් පසුව බව දක්වා ඇත.

ඒ අනුව වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයටත්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීම අවශ්‍යම විය.

පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා යොමු කළ යුතු විය.

නමුත් මේ දක්වා එය සිදු වී නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව නීතියක් වී නැති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් නීතියක ආරෝපණය ලබා දී ක්‍රියාත්මක කරගෙන යාමට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා කටයුතු කරන බව පෙනී යයි. 

විවාහය සම්බන්ධව මෙම ලිපිය ආරම්භයේදී ගත් උදාහරණයට අනුව වයස අවුරුදු 18 අඩු තැනැත්තන් විවාහයකට ඇතුලත් වි සිටින විට එය නීත්‍යානුකූල විවාහයක් ලෙස නීතිය නොදැන කටයුතු කරනවා මෙනි.

ඉදිරියේ පත්වන පාර්ලිමේන්තුව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන ආකාරයට නොවේ. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කළ යුතුය. 

70 ව්‍යවස්ථාව සංශෝධනයේ දී ජනමත විචාරණයකට යා යුතු බවට ශේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති විධානය පැවති පාර්ලිමේන්තුව අනුකූලව කටයුතු කර නැති හෙයින් එය වහා නිවැරදි කිරීම නීතියේ පාලනය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය බව අලුත් පාර්ලිමේන්තුව තේරුම් ගත යුතුය. 

ඒ අනුව අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ මේ දක්වා නීතියක් වී නැති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයෙන් ඉවත් කිරීම නොව එකී පනත් කෙටුම්පතට 2015 සිටි කතානායකවරයා යොදා ඇති වැරදි සටහන නිවැරදි කර එය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවතාවේ අවසන් විධානය අනුව සටහන් යොදා,  80.2 ව්‍යවස්ථාව යටතේ 19 නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස දැනුම් දීමයි. එනම් දැනටමත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලැබී ඇති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමතවිචාරණයකට යොමු කිරීමට අදාල වන 80.2 ව්‍යවස්ථාව පියවර ගැනීමයි.

එනම් 2015 සිදු කර ඇති වැරැද්ද නිවැරදි කිරීමයි.
 

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...