Skip to main content

ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ බණ්ඩාරනායක දරුවන්ට නොහැකි වූ ස්වදේශිකයන්ගේ නිදහස් නැගිටීම ජයග්‍රහණය දක්වා ගෙන යාවිද?

ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ බණ්ඩාරනායක දරුවන්ට නොහැකි වූ 
ස්වදේශිකයන්ගේ
නිදහස් නැගිටීම ජයග්‍රහණය දක්වා ගෙන යාවිද ?

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(2020.08.03)


1956 ආරම්භ කළ ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය විවිධ බාධක මැද ඉදිරියට ගමන් කළේය. 

එස්. ඩව්. ආර්. ඩී. බණ්ඩාරනායක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපන ලැබුවද, සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන් නිදහසේ නැගී සිටුවීමට ගත් ප්‍රයත්නය ශක්තිමත් වූයේ එදා බණ්ඩාරනායක සමග ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැරදා පාර්ලිමේන්‍තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙනි.

අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා වෙඩි උණ්ඩයට සිය දිවි නොපිදුවේ නම් රටේ ස්වදේශිකයන්ගේ
දිශානතිය අද පවතින තත්ත්වයට පත් නොවේ. 

එසේ වුවත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ බිරිද සිරිමාවෝ මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම  ස්වදේශිකයන්ගේ දෙවන නිදහස් නැගිටීම විය.  ඒ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පනවා එංගලන්තය සමග පැවති මෙරට අධිකරණවල අභියාචනා විභාග කිරීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධ බැදීම් සහ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මුදවා ගැනීමෙනි. 

යටත් විජ්ත නීතියට එරෙහි
ස්වදේශිකයන්ගේ නිදහස් අරගලයේ නියලි බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි උණ්ඩයත්, ඔහුගේ බිරිද සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත්, බටහිර යටත් විජිත ඉංග්‍රීසි නීතිය පවත්වාගෙන යමින් ස්වදේශිකයන් මෙල්ල කිරීමට ගත් උපායමාර්ග විය. 

එදා බණ්ඩාරනායක සමග ඩී. ඒ. රාජපක්ෂත්, සිරිමාවෝ මැතිණිය සමග මහින්ද රාජපක්ෂත් සිටගත් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැකිය.

බණ්ඩාරනායක යුවල ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය ශක්තිමත් කරන පියවර රාශියක් ක්‍රියාත්මක කළද ඔවුන්ගේ පුත් අනුර බණ්ඩාරනායක හෝ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක එකී නිදහස් අරගලය ආපසු හරවන ක්‍රියාන්විතයක නියැලෙමින් අනුර බණ්ඩාරනායක මවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ වුන්ගේ පැත්තට ගිය අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක බටහිර බහුජාතික සමාගම්වලට නැවත මෙරට විවෘත කර දීමත්, බෙදුම්වාදය ශක්තිමත් කරන පැකේජ් ව්‍යවස්ථා සම්මත කිරීමටටද උත්සාහ ගත්තේය.

අද වනවිට බණ්ඩාරනායකලා දේශපාලනයේ දක්නට නැතත් ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ දේශපාලනයේ නියැලෙමින් ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය ජය ගන්නා මානයට/ ඉසව්වට ගෙන එන බව පෙනෙන්නට තිබේ.

2015 යහපාලනය වෙනුවෙන් කියා බලයට පැමිණි ආණ්ඩුව රාජපක්ෂවරුන්ට එරෙහිව නීතියේ හස්තය දැඩිව මෙහෙයවන්නට වූයේ බණ්ඩාරනායක යුවලගෙන් ඉවත් කළ ස්වදේශික නැගිටීම රාජපක්ෂලා දෑතට ගියහොත් ඔවුන්ට විදින්නටවන අප්‍රසන්න තත්ත්වය තේරුම් ගත් හෙයිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 සිදුකළ බලහත්කාරී අගමැති මාරුවත් සමග ආරම්භ වූ යහපාලනය වෙනුවෙන් වූ කණ්ඩායමේ පාලනයේ බිදවැටීමෙන් නැවත ස්වදේශිකයන්ගේ පිබිදීමට හේතු විය. 

මේ ක්‍රියාන්විතය දෙස අවධානයෙන් බැලීමේදී එදා බණ්ඩාරනායකලාගේ ස්වදේශිකත්වයට එරෙහි වූවන් මෙන්ම රාජපක්ෂලාගේ ස්වදේශිකත්වයට එරෙහි වන්නෝ එකම කණ්ඩායම බව පෙනේ.

මේ වනවිට රාජපක්ෂලා ජනාධිපති ධූරයත්, අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දේශපාලනිකව ඉතා ඉහළ තත්ත්වයක සිටියද, 2020 අගෝස්තු 05 පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තද ඔවුන් වටහා ගත යුත්තේ රටේ නීතියේ බලය දරන්නේ ස්වදේශික/ පෙරදිග චින්තකයන් නොවන බවයි.

නිදහස ලැබී වසර ගණනාවක් ගත වී ඇතැයි කියූවද, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා නොදේ, එමෙන්ම නීතියේ බලය අත දරන්නේ බටහිර රටවල සම්බන්ධතා දරන්නන් මිස දේශීය/පෙරදිග චින්තනයෙන් බල ගැන්වූවන් නොවේ. 

රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ බටහිර සංස්කෘතිය සහ බටහිර පාලනය ස්ථාපිත කිරීමට හෙයින් මෙය නිසි ලෙස වටහා නොගෙන කටයුතු කළහොත් රාජපක්ෂවරුන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත්තේ බණ්ඩාරනායකවරුන් (බණ්ඩාරනායක දරුවන් නොවේ) මුහුණ දුන් අප්‍රසන්න තත්ත්වයන්ටම ය.

බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් බලයට පත්වන රාජපක්ෂ ආණ්ඩුවත් එඩිතරව සහ ධෛරයෙන් කල යුත්තේ දේශීය / පෙරදිග චින්තකයන්ගේ උපදේශකත්වයෙන් ස්වදේශිකයන්ගේ නෛතික සුරක්ෂිතත්වය වෙනුවෙන් වහා කටයුතු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ දේශීය නිපැවුම් කඩිනමින් වර්ධනය කරන මාර්ග වෙත අවතීර්ණ වීමත් ය.

බණ්ඩාරනායක දරුවන්ට ජයගත නොහැකි වූ ස්වදේශිකයන්ගේ නිදහස් සටන ඩී. ඒ. රාජපක්ෂ දරුවන්ට ජය ගත හැකි වෙන්නේ මේ තත්ත්වය වටහා ගෙන ස්වදේශිකත්වය ශක්තිමත් කිරීමෙනි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...