Skip to main content

බණ්ඩාරනායක දරුවන්ට කළ නොහැකි වූ ස්වදේශිකයන්ට නෛතික නිදහස අත්කර දීම රාජපක්ෂ දරුවන්ට කළ හැකි වෙයිද??

බණ්ඩාරනායක දරුවන්ට කළ නොහැකි වූ ස්වදේශිකයන්ට නෛතික නිදහස අත්කර දීම රාජපක්ෂ දරුවන්ට කළ හැකි වෙයිද?

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(2020.08.05)


1956 ආරම්භ කළ ස්වදේශිකයන්ගේ පළමු ස්වාධීන නෛතික නිදහස් නැගිටීම නෛතික නිදහස් අරගලය විවිධ බාධක මැද ඉදිරියට ගමන් කළේය. ඒ බහුතර ජනතාවගේ භාෂාවට නීතියේ බලය ලබා දීමෙනි.

එස්. ඩව්. ආර්. ඩී. බණ්ඩාරනායක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපන ලැබුවද, සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන් නීතියේ නිදහසේ නැගී සිටුවීමට ගත් ප්‍රයත්නය ශක්තිමත් වූයේ එදා බණ්ඩාරනායක සමග ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැරදා පාර්ලිමේන්‍තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙනි.

බණ්ඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන්ගේ පළමු ස්වාධීන නෛතික නිදහස් නැගිටීම ආරම්භ කළේය.

අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා වෙඩි උණ්ඩයට සිය දිවි නොපිදුවේ නම් රටේ ස්වදේශිකයන්ගේ
නෛතික නිදහසේ දිශානතිය අද පවතින තත්ත්වයට වඩා බොහෝ වෙනස් වේ. 

එසේ වුවත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ බිරිද සිරිමාවෝ මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම  ස්වදේශිකයන්ගේ දෙවන ස්වාධීන නෛතික නිදහස් නැගිටීම විය. සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පනවා එංගලන්තය සමග පැවති මෙරට අධිකරණවල අභියාචනා විභාග කිරීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධ බැදීම් සහ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වයෙන් රට මුදවා ගැනීමට සමත් විය.

ස්වදේශිකයන්ගේ නෛතික නිදහස් අරගලයේ නියලි බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි උණ්ඩයත්, ඔහුගේ බිරිද සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත්, යටත් විජිත නෛතිකකරණය නිසාම 
බලවන්තයන් වී සිටින අය විසින්
ස්වදේශිකයන් මෙල්ල කිරීමට ගත් උපායමාර්ග වුවත් බණ්ඩාරනායක යුවල විසින් මෙරට නීති පද්ධතිය ස්වදේශීකරණය සදහා ගත් උත්සාහයන් ස්වදේශිකයන්ගේ නිදහසට අඩිතාලම විය.

එදා බණ්ඩාරනායක සමග ඩී. ඒ. රාජපක්ෂත්, සිරිමාවෝ මැතිණිය සමග මහින්ද රාජපක්ෂත් සිටගත් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැකිය.

බණ්ඩාරනායක යුවල ස්වදේශිකයන්ගේ නෛතික නිදහස් අරගලය ශක්තිමත් කරන පියවර රාශියක් ක්‍රියාත්මක කළද ඔවුන්ගේ පුත් අනුර බණ්ඩාරනායක හෝ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක එකී නෛතික
නිදහස් අරගලය ආපසු හරවන ක්‍රියාවලියක නියැලෙමින් අනුර බණ්ඩාරනායක මවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ වුන්ගේ පැත්තට ගිය අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක බටහිර බහුජාතික සමාගම්වලට නැවත මෙරට විවෘත කර දීමත්, බෙදුම්වාදය ශක්තිමත් කරන පැකේජ් ව්‍යවස්ථා සම්මත කිරීමටටද උත්සාහ ගත්තේය.

අද වනවිට බණ්ඩාරනායක දරුවෝ දේශපාලනයේ දක්නට නැතත් රාජපක්ෂ දරුවෝ දේශපාලනයේ නියැලෙමින් ස්වදේශිකයන්ගේ නෛතික නිදහස් අරගලය ජය ගන්නා මානයට/ ඉසව්වට ගෙන එන බව පෙනෙන්නට තිබේ.

2015 යහපාලනය වෙනුවෙන් කියා බලයට පැමිණි ආණ්ඩුව රාජපක්ෂවරුන්ට එරෙහිව නීතියේ හස්තය දැඩිව මෙහෙයවන්නට වූයේ බණ්ඩාරනායකවරුන්ගෙන් ඉවත් කළ ස්වදේශික නිදහස් නැගිටීම රාජපක්ෂවරු දෑතට ගියහොත් ඔවුන්ට විදින්නටවන අප්‍රසන්න තත්ත්වය තේරුම් ගත් හෙයිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 සිදුකළ බලහත්කාරී අගමැති මාරුවත් සමග ආරම්භ වූ යහපාලනය වෙනුවෙන් වූ කණ්ඩායම් පාලනයේ බිදවැටීමෙන් නැවත ස්වදේශිකයන්ගේ 
නෛතික නිදහස පිළිබද අදහස් ජයගන්නා තත්ත්වයක් ඇති විය.

මේ ක්‍රියාන්විතය දෙස අවධානයෙන් බැලීමේදී එදා බණ්ඩාරනායකලාගේ ස්වදේශිකත්ව නැගිටීමට එරෙහි වූවන් මෙන්ම රාජපක්ෂලාගේ ස්වදේශිකත්ව නැගිටීමට එරෙහි වන්නෝ එකම කණ්ඩායම බව පෙනේ.

මේ වනවිට රාජපක්ෂලා ජනාධිපති ධූරයත්, අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දේශපාලනිකව ඉතා ඉහළ තත්ත්වයක සිටියද, 2020 අගෝස්තු 05 පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තද ඔවුන් වටහා ගත යුත්තේ රටේ නීතියේ බලය සහ අධිකාරය දරන්නේ ස්වදේශික / පෙරදිග චින්තකයන් නොවන බවයි.

නිදහස ලැබී වසර ගණනාවක් ගත වී ඇතැයි කියූවද, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා නොදේ, එමෙන්ම නීතියේ බලය අත දරන්නේ බටහිර රටවල සම්බන්ධතා දරන්නන් මිස දේශීය/පෙරදිග චින්තනයෙන් බල ගැන්වූවන් නොවේ. 

රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ බටහිර සංස්කෘතිය සහ බටහිර පාලනය ස්ථාපිත කිරීමට හෙයින් මෙය නිසි ලෙස වටහා නොගෙන කටයුතු කළහොත් රාජපක්ෂවරුන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත්තේ බණ්ඩාරනායකවරුන් (බණ්ඩාරනායක දරුවන් නොවේ) මුහුණ දුන් අභියෝගයන්ටමය.

බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් බලයට පත්වන රාජපක්ෂ ආණ්ඩුවත් එඩිතරව සහ ධෛරයෙන් කල යුත්තේ දේශීය / පෙරදිග චින්තකයන්ගේ උපදේශකත්වයෙන් ස්වදේශිකයන්ගේ නෛතික සුරක්ෂිතත්වය වෙනුවෙන් වහා කටයුතු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ දේශීය නිපැවුම් කඩිනමින් වර්ධනය කරන මාර්ග වෙත අවතීර්ණ වීමත් ය.

බණ්ඩාරනායක දරුවන්ට ජයගත නොහැකි වූ ස්වදේශිකයන්ට නෛතික නිදහස අත්කර දීම රාජපක්ෂ දරුවන්ට කළ හැකි වෙන්නේ මේ තත්ත්වය වටහා ගෙන ස්වදේශිකත්වය ශක්තිමත් කිරීමෙනි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...