Skip to main content

20ත්...,19ය ව්‍යවස්ථා කුමන්ත්‍රණයේම / වංචාවේම දිගුවක් වුවත් 20ට සුදුහුනු ගාන ආචාර්යවරු....!

("විස්සේ හරි වැරැද්ද" මැයෙන් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්තිගේ 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී ඇති ලිපියට පිළිතුරක්)

20ත්...,19ය ව්‍යවස්ථා කුමන්ත්‍රණයේම / වංචාවේම දිගුවක් වුවත් 20ට සුදුහුනු ගාන ආචාර්යවරු....!

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ 

(2020.09.07)


"විස්සේ හරි වැරැද්ද" මැයෙන්  ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ලියන ලද ලිපියක් 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී තිබේ.

ලිපිය

එකී ලිපියේ දැක්වෙන පහත ඡේදයන් සැළකීමේදී 19ය සහ 20 ගැන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සහ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය සහ එයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දෙනාගේ තීරණය පිළිබද මූලික අවබෝධයක් නොමැතිව හෝ එම කාරණා යටපත්වන ලෙස එම ලිපිය රචනා කර ඇති බව පෙනේ.

එකී ලිපියේ සදහන් 'අපි' යන ඔහු සමග සම්බන්ධ අනෙක් අයගේ ස්ථාවරයද එය විය හැකි හෙයින් ඒ ලිපිය මගින් දක්වන කරුණු මගින් 19ය සහ 20 සම්බන්ධයෙන් රටවැසියන් සහ ආචාර්යවරයා දක්වන 'අපි' යන පිරිස නොමග යාහැකි හෙයින් මෙම පිළිතුර යොමුකර පැහැදිලි කිරීම කරමි.

උපුටා ගැනීම

"විස්සේ හරි වැරැද්ද" මැයෙන්  ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ලියන ලද, 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී ඇති ලිපියෙන්.....

"19 වැනි සංශෝධනය” කියන නමින් හඳුන්වපු ව්‍යවස්ථා මංකොල්ලයට කාරණා දෙකක් පදනම් කරගෙන අපි තරයේ ම විරුද්ධ වුනා. මූලිකව ම, ඒ වැඩේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධි වැඩක්. ඒ කාරණය විස්තරාත්මක විදිහට අපි පැහැදිළි කරලා තියෙනවා."

"දෙවනුවට අපි අවධාරණය කළේ මේ ව්‍යවස්ථා මංකොල්ලය හින්දා ඇති වෙච්ච දේශපාලන අස්ථාවර බව. 2018 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2019 අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්තන කල් රට මුළුමනින් ම අකර්මන්‍ය වුනා. ආරක්‍ෂක මණ්ඩලය රැස්වුනේ නෑ. අයවැයක් සම්මත කරගත්තේ නෑ. මහ බෝමබ පිපුරුම් මාලාවකින් විශාල පිරිසක් මිය ගියා. සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. සමාජ – ආර්ථික හැම පැත්තකින් ම රට එක තැන පල්වෙන්න පටන් ගත්තා."

"2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පස්සේ තවත් අර්බුදයක් ඉස්සරහට ආවා. එදා ඉඳලා අද වෙන කල් රටට ආරක්‍ෂක ඇමැතිවරයෙක් නැති වෙලා. මේ විදිහට ඉස්සරහට යන්න රටකට බෑ. ඉතින් 19 වැනි සංශෝධනය” කියන මංකොල්ලය පිටු දකින මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්."

"යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දිහා බලද්දි මේ කියපු කරුණු අමතක කරන්න බෑ. 19 වැනි සංශෝධනය” කියන ලියැවිල්ලෙන් ඇති කරපු ව්‍යවස්ථා පිළිකාව මේ 20 වැනි සංශෝධනය හරහා නැති කරන්න පුළුවන්. ඒ හරහා රටට යම් ආකාරයක ස්ථාවරභාවයක් ලබා දෙන්නත් පුළුවන්. ඒ හින්දා මොන අඩුපාඩු සහ වැරැදි තිබුනත් මේ ව්‍යවස්ථා සංශෝධනය කෙරෙන්න ඕන දෙයක් කියලා මම හිතනවා."

..........උපුටා ගැනීම අවසන්.

ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ 19ය එම ආචාර්යවරයාට අනුව මංකොල්ලයක් බවයි. ඒ මහතා 'මංකොල්ලය' යන්න ජනවහරින් යෙදුවේනම් මිස දණ්ඩ නීති සංග්‍රහයේ මංකොල්ලය (Robbery) යන අර්ථයට මේ ක්‍රියාවලිය ගැනෙන්නේ නැත. (අවශ්‍යනම් දණ්ඩ නීති සංග්‍රහයේ 379 වගන්තිය කියවාගෙන වරදක අඩංගු විය යුතු මානසික සහ කායික අංග ගලපා ගත හැකිය.)

19ය "මංකොල්ලයක්" නොව කුමන්ත්‍රණයකි (Conspiracy - pc 113A) සහ වංචාවකි.(Cheating- pc 398) එනම් 19ය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2015 දී නීතිපති දෙපාර්තමේන්තුව දායක වී ඇත්තේ වර්ෂ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07ක් විනිශ්චය කර ඇති (RES JUDICATA - a matter decided) නෛතික කාරණය නොතකමිනි. එනම් 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමිනි. මේ සම්බන්ධයෙන්  www.lankaweb.com මෙන්ම දිවයින ඉරිදා සංග්‍රහය, www.neethiyalk.blogspot.com මගින් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කර ඇති හෙයින් නැවත මෙහි සදහන් නොකරමි. අවශ්‍ය වෙතොත් ලිපිය කියවන පාඨකයන්ට මේ ලියම්කරුගේ විද්‍යුත් ලිපිනය ඇමතීමෙන් අදාල ලිපිවල අන්තර්ජාල සැබැදියන් ලබා ගත හැකිය.

මෙහිදී කිව යුත්තේ 2015 ඉදිරිපත් කළ 19ය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002 දී
විනිශ්චිත කරුණක් (Res Judicata), ඊට පිටින් ගොස් නීතියක් කිරීමට උත්සාහ ගෙන ඇති බවත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාවේ දැක්වෙන නීතියක් විය යුතු මාර්ග 2ක පිළිබද අවබෝධයෙන් තොරව ආචාර්යවරයා "විස්සේ හරි වැරැද්ද" ලිපිය ලියා ඇති බවත්,
එම ලිපිය, 20 මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කිරීමට ගන්නා ව්‍යවස්ථා විරෝධී උත්සාහය එනම් 2002 දී 19ට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දෙනාගේ තීරණයට පටහැනිව 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වත්මන් රජය 20 හරහා ගන්නා වැරදි උත්සාහය පිළිබද  අනවබෝධයෙන් හෝ සැගවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවයි.

"එනම් විස්සේ හරි වැරැද්ද" මැයෙන්  ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ලියන 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී ඇති ලිපියෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07ක් විසින් 2002 දී 19 යට ලබා දුන් ඒකමතික විනිශ්චය නොතකා එම ලිපිය ලිවීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට කර ඇති වැරදි
ක්‍රියාවන් අනුමත කිරීමක් කර ඇත. ඒ විස්සේ හරි වැරැද්ද" ලිපියට 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 20න් ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන උත්සාහය ගැන කිසිවක් ලියා නොදැක්වීමෙනි. 


ඒ නොදන්නාකමද? එසේත් නැත්නම් 19යේ කුමන්ත්‍රණයේ/ වංචාවේ දිගුවක්වන 20ට දයක වීමට ඇති කැමැත්තද? යන්න ජනතාව ඉදිරියේදී පැහැදිලි වනු ඇත.

arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...