Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව 2015 දී යහපාලන රජයටත් 2020 දී වත්මන් රජයටත් උපදෙස් දුන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව 2015 දී යහපාලන රජයටත්  2020 දී වත්මන් රජයටත් උපදෙස් දුන්නේ ඇයි?

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ  (2020.09.02)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූයේ 19ය අහෝසි කරන බව කියමිනි. 19ය අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්ද හිමි විය. 19ය සංශෝධනය කරන්නට යන ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නම් එය යහපත් තත්ත්වයක් නො වේ.

මේ වන විට 19 සංශෝධනය සදහා කියමින් 2020.09.02 දිනැතිව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කර ඇත.

LINK - පිවිසෙන්න

20 කෙටුම්පත

එහි මුල් පිටුව මෙසේ ය.


මේ වන විට 2020.09.02 දිනැතිව නිකුත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හදුන්වා දී ඇත.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එය මෙසේ ය.


ඒ අනුව පැහැදිලි වන්නේ 2020.09.02 දිනැතිව නිකුත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යන්නේ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනෙකු ලබා දී ඇති ඒකමතික තීරණය උල්ලංඝනය කිරීමෙනි.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කර තිබූ අතර, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබු බලය / අයිතිය අහිමි කිරීමයි.

2002 එම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එකී විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනා ඒකමතිකව තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ හෙයින් එකී 19 නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය ලබා දිය යුතු බවයි.

කිසිවෙකුට හෝ ඒ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එකී තීරණය කියවීමෙන් එකී සැකය නිරාකරණය කරගත හැකිය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ තිබූ ජනමතවිචාරණයක අවශ්‍යතාවය හේතුවෙන් එතනින්ම අවසන් විය.

2002 දී නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රධානීන් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එවකට රජයට සහාය නොදුන්නද 2015 දී නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රධානීන් නැවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යහපලන රජයට සහාය දීමට ක්‍රියාකර තිබුණි.

2015 දී නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රධානීන්ගේ මෙම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වනවා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමක්ද, සිය ධූරයේ බලතල අයුතු ලෙස යෙදවීමක්ද ජනතාව රැවටීමක්ද, ව්‍යවස්ථාපිත යුතුකම පැහැරහැරීමක්ද වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අනුගත නොවී කටයුතු කිරීම සමාජයට දෙන්නේ නරක පූර්වාදර්ශයකි.

කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 ½ ක් යන ‍තෙක් වළක්වා ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2018 දී පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධීබව තීන්දු කිරීමෙන් පෙනී යන්නේ 1978 තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය වී ඇති බවයි.

එසේනම් 2002 දී 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව කියූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දෙනාගේ තීරණය අනුව 2020 දී  ඉදිරිපත් කරන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරන්නේ ‍කෙසේද? යන ගැටළුව පැන නගී.

කෙසේ වෙතත් මේ වන විට 2020 දී  ඉදිරිපත් කරන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීන් තීරණය කර ඇති අතර එය පැහැදිලිවම 2002 දී 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව කියූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දෙනාගේ තීරණයට පටහැනි තත්ත්වයකි.


“වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරුව” යන්න පැරණි කියමනකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව 2015 දී යහපාලන රජයටත්  2020 දී වත්මන් රජයටත් උපදෙස් දුන්නේ ඇයි? යන්න තීරණය කිරීමට තවම කල් වැඩිය.

මේ වනවිට 2015 දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම සංශෝධනයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා සමාජයේ නිරාවරණ වීම ආරම්භ වී ඇත.

ඇතිවන ගැටළුව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවලට අපහාස කරන සාමාන්‍ය තැනැත්තන්ට එක් ආකාරයකටත් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නොතකා කටයුතු කරමින් අධිකරණයට අපහාස කරන විට වෙනත් අකාරයකටත් කටයුතු කරන යුක්තිය පසිදලන යාන්ත්‍රණයක් මෙරට පැවතීමය.

arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...