Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පොළඹවා වෘත්තීය විෂමාචාරයේ යෙදී ඇති බවට නීතිඥ දප්පුල ද ලිවේරා සම්බන්ධයෙන් අගවිනිසුරුට නීතිඥවරයෙක් පැමිණිලි කරයි...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පොළඹවා වෘත්තීය විෂමාචාරයේ යෙදී ඇති බවට නීතිඥ දප්පුල ද ලිවේරා සම්බන්ධයෙන්   අගවිනිසුරුට නීතිඥවරයෙක් පැමිණිලි කරයි...!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අනුගමනය කළ යුතු කාර්යය පටිපාටිය පැහැදිලි කරමින් වර්ෂ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07දෙනෙකු ඒකමතික තීරණයක් ලබා දී ඇත. එම ශ්‍රේෂ්ඨාධිකර තීරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  70 වන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් නොපැමිණි මන්ත්‍රීවරයන් තුනෙන් දෙකක ගේ කැමැත්තෙන් සහ ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කර තිබිය දී නීතිඥ දප්පුල ද ලිවේරා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව 70වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ඒ කළ හැකි බවත් ජනාධිපතිවරයාටත්, අමාත්‍ය මණ්ඩලයටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් නීති උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම 2020.09.02 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වගන්තිය මගින් දක්වා ඇත්තේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රී ඡන්දයෙන් පමණක් සම්මත කර ගත හැකි බවට කෙටුම්පත් කර ඇත.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතේ 14වන වගන්තියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විධිවිධාන ඇතුලත් කිරීමෙන් නීතිඥ දප්පුල ද ලිවේරා විසින් තමන්ගේ සේවාදායකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පොළඹවා ඇති අතර මෙය වෘත්තීය විෂමාචාරයක් බව දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි විසින් අගවිනිසුරුවරයා වෙත 1988 ශ්‍රේෂ්ඨාධිකරණ ( නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද ) රීති 3,15,18,18.අ., 51, 58 සහ 62 රීති අනුගමය නොකර ක්‍රියා කර ඇති බවට පැමිණිලි කර ඇත.


නීතිඥ දප්පුල ද ලිවේරාට එරෙහිව අගවිනිසුරුට කර ඇති පැමිණිල්ල පහත දැක්වේ.



Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...