Skip to main content

පාර්ලිමේන්තු උත්තරීතරත්වය ආරක්ෂා කළ අනුර බණ්ඩාරනායක අද කථානායක නම් 20 තීරණයත් සමග 19 ය ඉවත් වී 18ට රට යන ආකාරය...,

පාර්ලිමේන්තු උත්තරීතරත්වය ආරක්ෂා කළ අනුර බණ්ඩාරනායක අද කථානායක නම් 20 තීරණයත් සමග 19 ය ඉවත් වී 18ට රට යන ආකාරය..., (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.17)
(මෙම ලිපිය ලියා ඇත්තේ 20 වගන්ති 4කට ජනමතවිමසුමක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට පුවත්පත්වල දක්වා ඇති පුවත නිවැරදි ය යන අදහසින් ය.) අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වී සිටිටදී 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් තීරණයක් ලබා දුන්නේය. ඒ තීරණය විස්තර කිරීම මෙම ලිපියෙන් අදහස් නොකරන නමුත් එකී තීරණය මගින් පාර්ලිමේන්තුවක ක්‍රියාකාරීත්වය කවර ආකාරයකද යන්න වටහා ගතහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන පාර්ලිමේන්තුව සමග එකට කියවිය යුත්තක් බව දක්වමි. මේ දිනවල පුවත්පත් කියවන විට 20 සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 20 වගන්ති 4කට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පැහැදිලිවම පෙනී යයි. මෙම ප්‍රවෘත්තියට අදාල 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිල වශයෙන් පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර නැතත් මේ වනවිටත් ප්‍රසිද්ධියට පත්වී ඇති තොරතුරු වේ. එකී ප්‍රවෘත්තිය වැරදි බවට නොව එකී ප්‍රවෘත්තිය සනාථ වන ආකාරයට ආණ්ඩුවේ පාර්ශවයන් විසින් අදහස් දක්වා තිබීමද විශේෂයෙන් සැළකිය යුතුය. ඒ අනුව එකී ප්‍රවෘත්තිය අනුව නීතිය පිළිබද මූලික අවබෝධයක් ඇත්තෙකුට වුවත් පෙනී යන්නේ යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33වන ව්‍යවස්ථාව) 5 වන වගන්තිය (35වන ව්‍යවස්ථාව) 14 වන වගන්තිය (70වන ව්‍යවස්ථාව) සහ 22 වන වගන්තිය (104වන ව්‍යවස්ථාව) සම්බන්ධ විධිවිධාන නීතියක් කර ගැනීමට ජනමතවිමසුමක්ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි. 20 වගන්ති 4ක් නීතියක් වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ඡන්දයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබීම වර්තමාන පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය දැඩි ලෙස අභියෝගයට ලක් කිරීමකි. එය විය නොහැක්කේ අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වී සිටියදී 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට ලබා දුන් තීරණය අනුව වත්මන් කථානායකවරයා විසින්ද පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබිය හැකි හෙයිනි. ඒ මන්ද යත් 2015 තිබූ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සම්මතකරගෙන 80.1 ව්‍යවස්ථාව අනුව එවකට සිටි කථානායකවරයාගේ සහතිකය ලබා ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථා 4ක් නැවත සංශෝධනය කිරීමට එනම් ප්‍රති සංශෝධනය ( Counter Ammendment) කිරීමට වත්මන් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයත්, ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වීමත්, එය නීතියක් වන්නේ 80.2 ව්‍යවස්ථාව අනුව වීමත් එකිනෙකට පටහැනි තත්ත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවට 2015 පාර්ලිමේන්තුව කළ දේ කිරීමට ජනමතවිචාරණයකටත් යායුතු වන්නේ නම් වත්නන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය එදා පාර්ලිමේන්තුවට වඩා හීනවීමක් සිදුවී ඇත. වර්ෂ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නැවත සංශෝධනය කිරීමට එනම් පෙර තත්ත්වයට ගෙන ඒම සඳහා ජනමතය විමසීමට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය බිදවැටීමට හේතුවක්වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට පටහැනිව වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් සහ අන්සතු කිරීමක්ද සිදුවීමක් බවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වන සහ 74 වන ව්‍යවස්ථාවලට පටහැනි බවත් 2015 දී පාර්ලිමේන්තුව කළ දේ නැවත මුල් තත්ත්වයට ගෙන ඒමෙන් 2020 පාර්ලිමේන්තුව වැළැක්වීමක් බවත් එනම් 2/3 කින් සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉවත් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය අභියෝගයට ලක් කිරීමකි. 2015 තිබූ පාර්ලිමේන්තුව 2/3 සංශෝධනය කරගත් ව්‍යවස්ථා 4ක් 2020 පාර්ලිමේන්තුව විසින් නැවත මුල් තත්ත්වයට පත් කිරීමට යාමේදී පාර්ලිමේන්තුවේ 2/3 ට අමතරව ජනමතවිචාරණයක් නියම කිරීම වත්මන් කථානායකවරයා කෙසේ ඉවසා සිටීද? යන්න තීරණය කිරීමට තවම කල් වැඩිය. කෙසේ වෙතත් අනුර බණ්ඩාරනායක මහතා අද පාර්ලිමේන්තුවේ කථානායකවරයා ව සිටියේ නම් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට කරනු ඇත්තේ, එදා එනම් 2015 දී 19 යට එවකට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ වැරදියට බවත්, පාර්ලිමේන්තුවේ 2/3කින් අනුමැතිය ලැබූ පමණින් 80.1 ව්‍යවස්ථාව අනුව කථානායකවරයාට සහතිකය යෙදිය නොහැකි බවත්, ජනමතවිචාරණයක් යායුතුව ඇති ව්‍යවස්ථා 4ක් සහිත 19යට 80.1 ව්‍යවස්ථාව අනුව එවකට කථානායකවරයා සහතිකය යෙදීම වැරදි බවත්, කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ 2/3 ලබීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව සටහන තබා 85 ව්‍යවස්ථාව අනුව 19යට ජනමතවිචාරණයක් තබා ජනතාව විසින් 19යට ජනතාවගේ අනුමැතිය ලැබුණොත් 80.2 ව්‍යවස්ථාව අනුව සහතිකය යෙදීමට ජනාධිපතිවරයාට එකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යොමු කිරීම බව ප්‍රකාශ කිරීමයි. එවිට සිදුවන්නේ 2015 දී වැරදි ලෙස කථානායකවරයා සහතිකය යොදා ඇති බවට නෛතික පිළිගැනීම ලැබීමෙන් 19ය පනත් කෙටුම්පතක් බවට එසැනින් පත් වී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ පාලනය ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවීමයි. 19 යට ඇලුමකරන අයට කළ හැකි වන්නේ ජනමතවිචාරණයක් පවත්වා 19යට ජනාධිපතිවරයාගේ සහතිකය ලබාගෙන 80.2 ව්‍යවස්ථාව අනුව 19 ය නීතියක් කර ගැනීමය. (මේ දේ වන බව දැනගත් හෙයින් 19යේ සැළසුම්කරුවෝ මේ වනවිටත් රටෙන් පලාගොස් තිබෙන්නට ඉඩ ඇති අතර, 2015 දී 19 ය වැරදි ලෙස නීතියක් ලෙස පවත්වාගෙන ගිය අය සම්බන්ධයෙන් කළ කුමන්ත්‍රණ අදාලව නීතිය ක්‍රියාත්මක කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතියේ පාලනයට දක්වන කැමැත්ත මත තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් මෙම ලියුම්කරු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.) arunaunawatuna@gmail.com

Comments

  1. Fully agree. Precisely, 19A cannot be considered Law of the country
    as it SHOULD have been approved by a Referendum and NOT only thro
    a 2/3rds Parliamentary (Rogue) Majority. However brazenly detrimental
    the 18A was another matter. 19A amending the same was definitely
    illegal.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...