Skip to main content

මම 20 වැරදියි කියන හේතු 20....!

මම 20 වැරදියි කියන හේතු 20....! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.23)
1.) 19යට විරුද්ධ 01 යි - 20ට විරුද්ධ 64 යි...! 19 සහ 20 දෙකටම ජනතාව විරුද්ධයි... 20ත්, 76 ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා....! 2.) 19 ය ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් වත්මන් ආණ්ඩුවේ ජනාධිපති නීති විශාරදයන්ගේ හිතවතුන්ද? 3.) අන්තිමේදී 20 ගෙනහල්ලා තියෙන්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරගන්න.....! 4.) 20 මගින් 19යම ආයෙත් ගෙනහල්ල.... 5.) 20න්, 19යෙ වැරැද්ද හැදුවද? 6.) 19ය ඉවත් කරන්න ගිහිල්ල 76ව්‍යවස්ථාව නොදන්නා බව පාර්ලිමේන්තුව පෙන්නුවා...! 7.) 19යෙ කුමන්ත්‍රණය වහන්න 20 ගෙනහල්ල 2/3 ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කළා...! 8.) 20 ගෙනාපු විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් කොහොම තියේවිද? 9.) 20 ත්, 19යෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවනි ඉනිම...! 10.) 20 නිසා 19යෙ කුමන්ත්‍රණකරුවන්ට ආයෙත් රටට එන්න පුලුවන්...! 11.) ඩයනලා කොහොමත් කලු සුද්දන්ට පක්ෂයි...! 12.) ජනාධිපති නීති විශාරදයන් ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය අහිමි කරන බව 20දිත් පෙන්නුවා...! 13.) අනුර බණ්ඩාරයක අදත් කථානායක නම් 76 ව්‍යවස්ථාව නිසා 20 ට අත්සන් කරන්නෙ නෑ...! 14.) බෲටස්ලා 20 ගෙනවිත් ගෝඨාභය ජනාධිපතිව රැවටුවා....! 15.) 19ය ඉවත් කරන පොරොන්දුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බැහැර කිරීමට අධිකරණ ඇමතිවරයාට සහ ජනාධිපති නීති විශාරදයන්ට හැකි වුණේ කොහොමද? 16.) 20 නිසා ඇතැමෙක්ගෙ රෙද්දත් ගැලවුණා.., 20 සම්මත කරපු දා ශෝක දිනයක් කියමින් ජාතික සංවිධාන හදන්නෙ අමුඩෙවත් බේරල දෙන්න...! 17.)  20න් ආණ්ඩුව විස්සෙ කොළේට වැටුණ...! 18.) 20 නිසා දින්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් සහ ජනාධිපති නීති විශාරදයන්...! 19.) 20න් ඔප්පු වුණේ පාර්ලිමේන්තුව  සහ ජනාධිපති නීති විශාරදයන් 76 ව්‍යවස්ථාව නොදන්නා බවයි...! 20.) ද්විත්ව පුරවැසි කැරට් අලයට ඇතැමෙක් 20ට රැවටුණා...! arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...