Skip to main content

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1,12.2 සහ 14.ඊ ව්‍යවස්ථා කඩකරලා..

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1 ව්‍යවස්ථා කඩකරලා.. 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 14.1 ඊ ව්‍යවස්ථා කඩ කරලා.. කථානායක මහින්ද යාපාට, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට සහ නීතිපතිට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි...!
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි 3, 5, 14 සහ 22 වගන්ති නීතියක් බවට පත්වීමට ජනමතවිචාරණයක් මගින් අනුමැතිය ලබා ගත යුතුව ඇතිබව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශකර ඇති බව එදින හැන්සාඩ් වාර්තාවේ දැක්වෙන බව නීතිඥවරයා සිය පෙත්සමේ දක්වා ඇත. එකී 3, 5, 14 සහ 22 වගන්ති යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 උ උ ව්‍යවස්ථා බවත් එකී ව්‍යවස්ථා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් එවකට කථානායකවරයා විසින් ජනමතවිචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සම්මත කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා නීතියක් කරගෙන තිබූ බවත් පෙත්සමේ දක්වා තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එකී ව්‍යවස්ථා 4 සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති බව, 2015.අප්‍රේල් 09 දින හැන්සාඩ් වාර්තාවේ කථානායකවරයාගේ ප්‍රකාශයේ නොදැක්වෙන බවත් නීතිඥවරයාගේ පෙත්සමේ සදහන් වෙන අතර එකී හැන්සාඩ් වාර්තා 2කම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 2015 දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් පමණක් සිදුකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 4ක් 2020 දී ප්‍රති සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව කථානායකවරයා ප්‍රකාශ කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවේ දැක්වෙන පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහැරිය යුතුය යන විධානය උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා. 2015 දී සිටි කථානායකවරයා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරමින් 80.1 ව්‍යවස්ථාව අනුව කරන ලද නීති පැනවීමක් නැවත යථාතත්ත්වයට පත් කිරීමට 2020 සිටින කථානායකවරයට අමතර බාධාවක් එනම් ජනමතවිචාරණයක් නියම වීමෙන් 76 ව්‍යවස්ථාව සහ 80.3 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රියා කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඩබ්. බී. ඩී. දසනායක සහ නීතිපතිවරයා එය නිවැරදි කිරීමට පියවර ගෙන නැති බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. එසේම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඔක්තෝබර් 20 වන දින හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කිරීමෙන් සහ රාජ්‍ය භාෂාවෙන් ඇතුළත් නොකිරීමෙන් ජනතාවගේ භාෂා අයිතිය අහිමි කර ඇති බවත් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන අයට විශේෂ ආකාරයට සළකා ඇති බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 ව්‍යවස්ථාව සහ 14.1.ඊ ව්‍යවස්ථා වලින් ආරක්ෂා කර  අයිතිවාසිකම් අහිමි කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඩබ්. බී. ඩී. දසනායක ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යෙදුවහොත් එය 80.3 සහ 76 ව්‍යවස්ථා යටතේ වලංගු නීතියක් නොවන බවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එවකට කථානායකවරයා 80.1 ව්‍යවස්ථාව යටතේ යොදා ඇති සහතිකය 80.3 ව්‍යවස්ථාව යටතේ අවස්ථාවෝචිතව යොදා ඇති සහතිකයක් නොවන වවත් ප්‍රකාශ කරන ලෙස නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ හැන්සාඩ් වාර්තාව ඇතුලත් කරන විට රාජ්‍ය භාෂාවෙන් ද එකී තීරණ ඇතුලත් කිරීමට කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට නියෝග කරන ලෙසත් පෙත්සමේ ඉල්ලා ඇති අතර, පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක සම්මත වී ඇති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව සටහන යොදා 80.2 ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගැනීමට කථානායකවරයාට නියෝග කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙතින් ඉල්ලා ඇති සහන පහත දැක්වේ...,

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...