Skip to main content

2015 දී 19ය ගෙනා අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස ජනමතවිචාරණයක් නොතිබීම, කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සහ අන්සතු කිරීමට ඉඩනොදෙන ලෙස නීතිඥවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි...,

2015 දී 19ය ගෙනා අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස ජනමතවිචාරණයක් නොතිබීම, කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සහ අන්සතු කිරීමට ඉඩනොදෙන ලෙස නීතිඥවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි..., මේ දිනවල පුවත්පත්වල ඇති “20 වගන්ති 4කට ජනමතවිමසුමක්” පුවත අනුව යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33වන ව්‍යවස්ථාව) 5 වන වගන්තිය (35වන ව්‍යවස්ථාව) 14 වන වගන්තිය (70වන ව්‍යවස්ථාව) සහ 22 වන වගන්තිය (104වන ව්‍යවස්ථාව) සම්බන්ධ විධිවිධාන නීතියක් කර ගැනීමට ජනමතවිමසුමක්ද අවශ්‍ය බව පැහැදිලි වන බවත්, එකී පුවත් අනුව වර්ෂ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙන් පමණක් සිදුකර ඇත්තේ ජනමතයද විමසිය යුතු වූ ව්‍යවස්ථා 4ක්ද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බව ඉහත පුවත සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැළකීමේ දී පිළිගත යුතු අතර ඒ අනුව වර්ෂ 2015 දී යම් තැනැත්තන් විසින් වැරදි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගැනීමට කුමන්ත්‍රණය කර ඇති බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා ඇත. මෙය ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් බලවත් අනතුරක් බවද වර්ෂ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නැවත සංශෝධනය කිරීමට එනම් පෙර තත්ත්වයට ගෙන ඒම සඳහා ජනමතය විමසීමට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය බිදවැටීමට හේතුවක්වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට පටහැනිව වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් සහ අන්සතු කිරීමක්ද සිදුවීමක් බවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වන සහ 74 වන ව්‍යවස්ථාවලට පටහැනි බවත් 2015 දී පාර්ලිමේන්තුව කළ දේ නැවත මුල් තත්ත්වයට ගෙන ඒමෙන් 2020 පාර්ලිමේන්තුව වැළැක්වීමක් බවත් එම ලිපියෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. වර්ෂ 2015 දී සම්මත කර ගත්තා යැයි කියන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථා 4ක් ජනමතය විමසිය යුතුව ඇති හෙයින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන ව්‍යවස්ථාව අනුව පවත්වන ජනමතවිචාරණයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් සහතිකය යොදන තෙක් නීතියක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වත්මන් කථානායකවරයා අදාල පියවර ගත යුතු බවත් නීතිඥ අරුණ ලක්සිරි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. විශේෂයෙන් අනුර බණ්ඩාරනායක මහතා 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ගද සළකා බලා වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙසත්, වත්මන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් සහ අන්සතු කිරීමක්ද කිරීමට ඉඩ නොදෙන ලෙසත්, වර්ෂ 2015 දී ජනමතවිමසුමක් නොපවත්වා ව්‍යවස්ථා 4ක් වැරදි ලෙස සංශෝධනය කරගැනීමට කුමන්ත්‍රණය කළ අය නීතියට යටත් කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා එම ලිපියෙන් නීතිඥවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, කතානායක, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රේෂ්ඨාධිකරණ රෙස්ට්‍රාර්, නීති කෙටුම්පත් සම්පාදක, වැඩබලන පොලිස්පති සහ නීතිපති වෙත යොමු කර ඇත. එම ලිපිය පහත දැක්වේ...,

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...